Categories: දේශීය

උද්දච්ච නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මහනායක ස්වාමීන්වහන්සේලා පෙන්වා දෙන කරුණු ගැන අවධානය යොමු කරන්න – විපක්ෂ නායක

ගරුතර මහා සංඝරත්නය සෑම අවස්ථාවක ම හොඳට සිතා බලා කල්පනා කර, ගවේෂණය කර, සමීක්ෂණය කර රට ගැන, සමාජය ගැන, ක්‍රමවේදයන් සහ පද්ධති ගැන ඉතා ම වැදගත් අදහස් යෝජනා නිරන්තරයෙන් ම ලබා දී ඇති බවත් බොහෝ අවස්ථාවල මහජන නියෝජිතයන් මහනායක ස්වාමීන් වහන්සේලා හමුවී වන්දනා මාන කිරීම එතැනට සීමා නොවිය යුතු බවත් උන්වහන්සේලා අවවාද අනුශාසනා ලබා දෙන විට එවා පැත්තකට විසි නොකර යම්කිසි පියවරක් පසෙකට තබා මහ නායක ස්වාමීන් වහන්සේලා කියන දේ ගැන හැදෑරීමක් කරමින් මේ ඉදිරිපත් කරන යෝජනා ගැන වඩාත් සංවේදී විය යුතු බවත් එය කිසිවිටෙක පෞරුෂයට හානියක් නොවන බවත් රට දැය ආගම දහම වෙනුවෙන් නිසි තීන්දු ගැනීම කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහ විහාර වංශික සියමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ හලාවත – පුත්තලම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වූ සිද්ධමුල්ලේ විමල කීර්ති ශ්‍රී ජිනරතන වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට “නායක පදවියේ ශ්‍රී සන්නස් පත්‍රය” ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයක් අමතමිනි.

ධම්ම පදයේ පෙන්වා දුන් ආකාරයට සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දැකිය යුතු බවත් යම්කිසි අයකු සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් දකින්නේ නම් කෙලෙස් දුරලන්න හැකියාවක් නොමැති බවත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වා දෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම සුදුසු නොවන බවත් එය යුක්තිය පසිදලීමට, නිතියේ ආධිපත්‍යයට අනතුරක් සිදුවීම අධිකරණය ගැන විශ්වාසය පළුදු වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ කඩා වැටීමක් සිදුවන බව පවසන්නේ නම් එය පිළිගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය සංදර්ශන පෙන්නුවා ඇති

එසේම මේ මහානායක ස්වාමීන්වහන්සේලා අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව, ජනතා පරමාධිපත්‍ය හා සෛරීත්වය ගැන කරුණු කාරණා ඉදිරිපත් කරන විට නිහතමානි වී උද්ධච්ච නොවී මාධ්‍ය සංදර්ශන නොපවත්වා මහා සංඝරත්නය පෙන්වා දෙන යෝජනාවලට නිසි ගරුත්වය ලබා දී උද්දච්ච නොවී නිහතමානී වී යටහත්පහත්ව කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

හෘද සාක්ෂියට‌ එකගව කටයුතු කරන්න

හෘද සාක්ෂියට එකගව මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා යෝජනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොයා බලා උන්වහන්සේලාගේ අනුශාසනාවල පදනම ගැන සොයා බල සෙසු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීම කිසිදු වරදක් නොවන බවත් තමාද විවිධ කරුණු දත්ත හා සාක්ෂි මත ඉදිරිපත් කරන විට එවාට අපහාස උපහාස පැමිණියත් එම කරුණු සත්‍ය නම් කිසිදා නොසැලිය යුතු බවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන මහා නායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා ගැන නැවත සිතා බැලීම රජයේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැවොම එකට එකතු වී සමගියෙන් ජීවත් වෙන රටක් බිහි කළ යුතුයි

සම්බුද්ධ ශාසනයේ උනන්තිය චිරස්ථිතිය උදෙසා කැපවීම වගකීම හා යුතුකම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී ඇති බවත් බුදුසුසන ශක්තිමත් කිරීම ප්‍රබෝධමත් කිරීම රැකගැනීම හා ආරක්ෂා කිරීම වගකීම බවත් සෙසු ආගම් ජාති හා ජන කොට්ඨාසවලට සුවිශේෂී රැකවරණයක් උත්තරීතර නීතියෙන් ලබා දී ඇති බවත් සෑම ජන කොට්ඨාසයක්ම ප්‍රජාවක්ම එකට එකතු වී සහෝදරත්වයෙන් සමගියෙන් සංහිදියාවෙන් ජිවත් වීම අප රටට ශක්තියක් බවත් මේ එකමුතුභාවය ශක්තිමත් වන විට සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා දේශපාලන නිදහස තහවුරු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කතාව සේම ක්‍රියාවෙන්ද වැඩ පෙන්විය යුතුයි

සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවුන් වන ගරුතර මහා සංඝරත්නය මේ වන විට පීඩාවන් රැසකට, අභියෝග කරදර දුක් කම්කටොලු විශාල ප්‍රමාණයකට ලක් වෙමින් ඒ සෑම අභියෝගයක්ම බාර ගෙන ඒ සෑම අභියෝගයක්ම ජයග්‍රහණයට පරිවර්ථනය කරමින් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂ සේවාවක් ඉටු කරමින් සිටින බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම ගැන කතාව සේම එය ප්‍රායෝගිකව ඔප්පු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෞද්ධකම දේශපාලන වාසියට පමණක් යොදා ගන්න එපා

අප රටේ පන්සල් 14129ක්, දහම්පාසල් 10347ක්, ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් පිරිවෙන් 824ක් ඇති නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවිය යුතු බවත් අද ශාසනාරක්ෂක බල මණ්ඩල ප්‍රදේශවල දහම් පාසල් තරගවලට ලැබෙන වටිනාකම හා ශක්තිය ප්‍රමාණවත් නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට සුවිශේෂ තැනක් තිබෙනවා කියන වචන ප්‍රමණාවත් නොවන බවත් දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා සේම සෙසු ආගම්වලට අයත් දහම් පාසල් ද ප්‍රවර්ධනය කිරීමෙන් ශිෂ්ටසම්පන්න විනයගරුක ආගමානුකූල විනයධර පුරවැසි පරපුරක් නිර්මාණය වන බවත් කතාවට පමණක් සීමා වූ බෞද්ධකම සහ එය දේශපාලන වාසිවලට හරවා ගැනීමේ පුහු බොරු ප්‍රතිරූප ගොඩනැගීමේ රගපෑමෙන් ඉවත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Recent Posts

දේශීය කර්මාන්ත වෙනුවෙන් CGLP, ඉන්දීය ආයෝජකයන් ලංකාවට ගෙන්වයි.

ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය උඩු යටිකුරු කරන සන්නාමයකට හිමිකම් කියන Ceylon green life plantation පුද්ගලික සමාගම…

9 hours ago

VietJet Air අද රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් VietJet ගුවන්සේවය හෝ චි මින්…

23 hours ago

ප්‍රමාද වූ රස පරී­ක්ෂක වාර්තා 9,000ක් මේ මාසයේ අධි­ක­ර­ණ­යට – ඇමැති ආනන්ද විජේ­පාල

දැනට ප්‍රමාද වී ඇති රස පරී­ක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අව­සන් කර අධි­ක­රණ වෙත…

2 days ago

ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන අද රාත්‍රී මෙරටට??

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…

5 days ago

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

6 days ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

7 days ago