Thursday, November 26, 2026
Homeදේශීයරාහුල කොළඹ ආදි සිසු සංගීත සැදෑව 28 දා..

රාහුල කොළඹ ආදි සිසු සංගීත සැදෑව 28 දා..

මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය කරන “Rahula Sing Along” සංගීත සැඳෑව, ජනප්‍රිය සංගීත ශිල්පී චන්දිමාල් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී ලබන (28) වැනිදා පැවැත්වීමට නියමිතය.

“Sing Along, Dance and Dinner with Chandimal Fernando” යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම වැඩසටහන සංගීතය, නර්තනය සහ රාත්‍රී භෝජන සංග්‍රහය එක්කරගත් විනෝදාත්මක සැඳෑවක් ලෙස සංවිධානය කෙරේ.

චන්දිමාල් ප්‍රනාන්දුගේ සංගීත කණ්ඩායම සමඟ ගීත රසවිඳීමටත්, ගීත ගායනයට එක්වීමටත්, නර්තනයෙන් විනෝද වීමටත් සහභාගිවන්නන්ට අවස්ථාව සැලසෙන මෙම වැඩසටහන, සුහදත්වය හා සංගීත රසවින්දනය මුසු වූ විශේෂ අවස්ථාවක් වනු ඇත.

රාහුල විද්‍යාලයේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය, ආදි ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම සංගීතයට හා විනෝදාත්මක වැඩසටහන්වලට ඇලුම් කරන පිරිසට එක්ව රසවිඳිය හැකි සැඳෑවක් නිර්මාණය කිරීමේ අරමුණින් පැවැත්වේ.

file
READ:   UPDATE: හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් 9ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්