Wednesday, September 30, 2026
HomeදේශීයUPDATE: හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් 9ක් අත්අඩංගුවට

UPDATE: හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් 9ක් අත්අඩංගුවට

හඟුරන්කෙත ප්‍රදේශයේදී 22 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මුහුණට මිරිස්කුඩු ගසා මිටියකින් පහරදී බරපතළ තුවාල ලබා රෝහල්ව ගත කර සිටියදී අදාළ තරුණයා මියගියා.

මේ අතර මියගිය තරණයාගේ පියාද පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ප්‍රතිකාර ලබා ඇත.

ඉඩම් ආරවුලක් හේතුවෙන් පසුගිය 21 වනදා මියගිය තරුණයාට සහ ඔහුගේ මවට සහ පියාටද පිරිසක් විසින් පහරදී තිබුණා.

දින 4 ක් මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (26) උදෑසන මියගොස් තිබුණා.

READ:   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ තාවකාලිකව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්