file
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ 2026-2027 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා (18) පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමේදීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නායක ස්වාමින්වහන්සේ සදහන් කළේ මෙවර ශ්‍රී පාද වන්දනාවාරය දෙසැම්බර් මස 23 වන උදුවප් පෝදා ආරම්භ වන බවය.
දෙසැම්බර් 21 වන දින පස්වරුවේ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමා, දේව ආභරණ සහ පූජා භාණ්ඩ එළියට වැඩම කරවීම සිදුකර දෙසැම්බර් 22 දින පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට පලාබද්දර, එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල සහ හැටන් යන මාර්ග 04 ඔස්සේ පෙරහැර 04කින් ශ්‍රී පාද උඩමළුව වෙත වැඩමකරවීමේන් අනතුරුව දෙසැම්බර් 23 අලුයම උඩමළුවේදී පුරාණ චාරිත්‍ර ඉටුකර වන්දනාවාරය නිල වශයෙන් ආරම්භ කිරීම සිදුවන බවද නා හිමියන් මෙහිදී පැවසුහ.
මෙහිදී නල්ලතන්නිය මාර්ගයේ පවතින බඹර කූඩු, වන්දනාවාරය ආරම්භයට පෙර ඉවත් කිරීම සහ නායයෑම් නිසා පහළට පැමිණි ගල් සහ පස් ඉවත් කර සීතගඟුල වන්දනාකරුවන්ට ස්නානය කිරීමට සුදුසු ලෙස සකස් කිරීම ඇතුළු කටයුතු සිදු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, මස්කෙළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවල සභාපතිවරැන්, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, ශ්‍රී ලංකා යුධ හමුදා 114 බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් සාගර පෙරේරා යන මහත්ම මහත්මින් සහ රජ්‍ය සහ පෞද්ගලික අංශවල නිලධාරින් පිරිසක් සහභාගි වුහ.
:නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…