ක්‍රීඩා

විරාට් කෝලි අදත් 0 යි මෑන් සමුගනීද? Virat Kohli fails to score in Adelaide

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත් දැවී ගියේ ලකුණු නොලබා වීම විශේෂත්වයක්. කෝලි ඕස්ට්‍රේලියාවේදී පැවති එක්දින තරගයකදී ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ දෙවන අවස්ථාවත් මෙයයි. ඒ වගේම විරාට් කෝලි එක්දින ජාත්‍යන්තර තරගයක ⁣ලකුණු නොලබා දැවී ගිය 18වැනි අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වෙනවා.

එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම වාර ගණනක් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ලකුණු 13,430ක් ලබා සිටින ⁣ලෝක එක්දින ක්‍රිකට් රටාව උඩියටිකුරු කළ ප්‍රහාරාත්මක පිතිකරු ශ්‍රී ලංකාවේ හිටපු නායක සනත් ජයසූරියයි. ඔහු අවස්ථා 34කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. එම ලැයිස්තුවේ මුල් දසදෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6ක් රැඳී සිටීමත් විශේෂත්වයක්. එක්දින තරග රටාවේ වැඩිම ලකුණු ලාභියා වූ (ලකුණු 18,426) හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අවස්ථා 20කදී ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම වාර ගණනක් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ පිතිකරුවන්…

සනත් ජයසූරිය (SL) – අවස්ථා 34ක්

ශහීඩ් අෆ්රිඩි (PAK) – අවස්ථා 30ක්

වසීම් අක්‍රම් (PAK) – අවස්ථා 28ක්

මහේල ජයවර්ධන (SL) – අවස්ථා 28ක්

ලසිත් මාලිංග (SL) – අවස්ථා 26ක්

මුත්තයියා මුරලිදරන් (SL) – අවස්ථා 25ක්

චමින්ද වාස් (SL) – අවස්ථා 25ක්

ක්‍රිස් ගේල් (WI) – අවස්ථා 25ක්

රොමේෂ් කළුවිතාරණ (SL) – අවස්ථා 24ක්

ඩැනියල් විටෝරි (NZ) – අවස්ථා 23ක්

හර්ෂල් ගිබ්ස් (SA) – අවස්ථා 22ක්

– චතුරංග රාජපක්ෂ –

Recent Posts

වැටුප් ඉල්ලා ලංකාදීප සේවකයෝ ලොක්කගේ කාර්යාලය වටලති

ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…

3 days ago

රාහුල රාත්‍රිය, ඔක්තෝබර් 25 කොළඹදී

මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…

4 days ago

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…

1 week ago

The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of Colombo

file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…

2 weeks ago

දකුණු දිග මුහුදෙන් හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 839ක් ගොඩ ගත් මෙහෙයුම

හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේ දී නාවික හමුදා…

2 weeks ago

“හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 ”හෙට

හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව - 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

2 weeks ago