දේශීය

දකුණු දිග මුහුදෙන් හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 839ක් ගොඩ ගත් මෙහෙයුම

හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සුරක්‍ෂිත රටක් තහවුරු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය රටතුළට ගෙන ඒම වැලැක්වීම සඳහා සිදුකරනු ලබන තීව්‍ර නාවික මෙහෙයුම් අතරතුර දී ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන කාලයේ, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රා සහ පුද්ගලයින්ගේ සක්‍රීය දායකත්වයෙන් යුතුව දකුණු දිග මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක තොගයක් අඩංගු උර පනස් එකක් (51) නාවික හමුදා භාරයට ගත් අතර, තංගල්ල ධිවර වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

file

‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’ යන රජයේ දැක්ම යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන්, මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපවත්වා ජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සහ මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා සහයෝගීත්වයෙන්, දිවයින වටා වෙරළ සහ දේශීය ජල තීරය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.

file

ඒ අනුව, බුද්ධි සේවාවන් වෙතින් ලද විශ්වසනීය තොරතුරකට අනුව, නැගෙනහිර සහ දකුණු නාවික විධානයට අයත් නාවික හමුදා නෞකා හා යාත්‍රා සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රා සමඟ එක්ව දින ගණනාවක් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස, දකුණුදිග මුහුදේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ උර ‍තොගයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර පනස් එකක (51) තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම උර තොගය තංගල්ල ධීවර වරායට රැගෙනවිත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ විශේෂඥ පරීක්‍ෂාවේදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 670 ග්‍රෑම් 676ක පමණ තොගයක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 156 ග්‍රෑම් 542ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 036 ක පමණ තොගයක් එම උර පනස් එකෙහි (51) අඩංගු බවට තහවුරු විය.

file

එහිදී මාධ්‍ය වෙත මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මහජන ආරක්‍ෂාවට සහ ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුරෙන් රටේ අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් රජයේ ස්ථාවරය සහ අඛණ්ඩ කැපවීමද, මෙම විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම’, ජාතික වැඩසටහන සම්බන්ධවද අදහස් පල කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයයේ අධීක්ෂණයෙන් රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු සියළුම බුද්ධි සේවාවන්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය, පොලිස් විශේෂ කාර්ය බලකාය, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සියළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ඉතාමත් සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබී ඇති බව පවසන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල සමුද්‍රීය පරාසයක මෙහෙයුම් සිදු කරමින් මුහුදු මාර්ගයෙන් රටතුලට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා අනෙකුත් නීතිය කරනු ලබන ආයන හා එක්ව සිදුකරනු ලබන සුවිශේෂී කාර්ය භාරයය ඇගයීමට ලක්කල ගරු නියොජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් ලෙස සලකා, මත්ද්‍රව්‍යයෙන් තොර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බව අවධාරනය කෙරිණි. එමෙන්ම, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් විශාල මහජන සහයෝගයක් පවතින බවත්, මහජනතාව ලබා දෙන තොරතුරු මෙහෙයුම් සාර්තක වීම සඳහා විශාල ශක්තියක් වන බවත් පැවසූ එතුමන්, ඒ වෙනුවෙන් මහජනතාව වෙත සිය ස්තුතිය ඵල කිරීමද එහිදී සිදුකෙරිණි.

file

එමෙන්ම, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවන සියළු පාර්ශවයන්ගේ සහයෝගීත්වය සහ අන්තර්ක්‍රියාකාරීත්වය තුළින්, ජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතතාවයට හානි ගෙන දෙන මත්ද්‍රව්‍ය ඇතුළු කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක් මුහුදු මාර්ගයෙන් රටතුළට රැගෙන ඒමට කිසිදු අවකාෂයක් නොමැති බවත්, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන හෝ ඒ වෙනුවෙන් දරන කිසිදු ප්‍රයත්නයක් සාර්ථක වීමට ඉඩ නොතබන බවත්, එවැනි ජාවාරම් මැඩපැවැත්වීම වෙනුවෙන් ඒකා බද්ධ සැලැස්මක් සහිතව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබන බවත් එහිදි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අවධාරනය කෙරිණී.

file

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව දිවයිනේ වෙරළ සහ මුහුදු තීරය ආවරණය වන පරිදි, සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කිරීම හමුවේ, ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලද, මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 670 ග්‍රෑම් 676ක පමණ තොගය, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 156 ග්‍රෑම් 542ක තොගය සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 036 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

file

:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

18 hours ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

19 hours ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago