කොළඹ දිස්ත්‍රික්කය තුළ පානීය ජළ බෝතල් වැඩි මිලට විකිණීම හේතුවෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහරගම C.I.B. Big City පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් අද දින (26) නියම කරයි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ පානීය ජළ බෝතල් වැඩි මිලට විකිණීම හේතුවෙන් විජය ගෘප් පුද්ගලික සමාගම, C.I.B. Big City, අංක 101, පමුණුව පාර, මහරගම යන ලිපිනයේ මහරගම ප්‍රදේශය තුළ පවත්වාගෙන යන පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා විසින් අද දින (26) නියම කළේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිළධාරින් විසින් 2025.04.29 වන දින සිදුකරන ලද වැටලීමකින් අනතුරුව අදාළ පෞද්ගලික ආයතනයට විරුද්ධව නඩු පවරන ලදී.
අංක 243/15 හා 2025.04.01 දින දරණ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද අංක 93 දරණ නියෝගය මගින් කිසිම නිෂ්පාදකයකු, අසුරන්නකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නකු විසින් දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලි. 500 – මි.ලි. 999 ප්‍රමාණයේ පොලිඑලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70.00කට වැඩියෙන් වෙළදාම් කිරිම, වෙළදාම් කිරිම සඳහා ඉදිරිපත් කිරිම හෝ වෙළදාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියම කර තිබියදී මෙම ආයතනය විසින් Kinly සන්නාමය සහිත දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලි. 500 ප්‍රමාණයේ පොලිඑලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක් ඉහත නියෝගයේ සඳහන් මිළට වඩා වැඩි මිළට එනම් රු.90.00ක මුදලකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිළධාරි එස්.පී. පුංචිහේවා මහතාට විකිණීම සිදුකර තිබේ.
ඒඅනුව, එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් මෙම ව්‍යාපාරික ආයතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් මුදලක් ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා විසින් අද (26) දින නියම කළේය.
මෙම වැටලීම කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ නියෝගය මත මෑතකාලයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ පානීය ජළ බෝතල් වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් කරන ලද වැටලීම් වලින් වැඩිම දඩ මුදලක් නියම කරන ලද වැටලීම වෙි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ


