Friday, October 30, 2026
Homeදේශීයරට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික...

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික ක්‍රියාවලියේ තිබූ අඩුපාඩු, දූෂණ සහ අක්‍රමිකතා මත සමස්ත සමාජය බිඳවැටෙමින් තිබූ අවධියකයි. රටේ පාලකයන් විසින් සමාජීය වශයෙන් ඇති කර තිබූ ගැටලු විශාල ප්‍රමාණයකට පිළිතුරු සොයන්න ජාතික විද්වත් සංවිධානය පිහිටුවා ගත්තා. එදා සිට පවත්වාගෙන ආ දේශපාලන සංස්කෘතිය මත මිනිසුන් පත්ව තිබූ තත්ත්වය මෙන්ම අනෙක් පැත්තෙන් දේශපාලකයන් පත්ව තිබූ තත්ත්වය, දේශපාලනය විසින් මෙහෙයවනු ලබන ආයතනවල පැවැති තත්ත්වයන් ආදී සියල්ල නැවත ගොඩනැඟීමේ අවශ්‍යතාව නිසා අපේ සංවිධානය බිහි කළා.

රටේ පාලනය නියාමනය සම්බන්ධයෙන් මූලික විෂය ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනා ගත්තා. ඉංජිනේරු, බැංකු, අධ්‍යාපන, කෘෂිකර්ම, ගණකාධිකාරී, වෛද්‍ය සහ පශු වෛද්‍ය, මිනින්දෝරු, කර්මාන්ත, ව්‍යවසාය, නීතිඥ, විශ්‍රාමික හමුදා, විශ්‍රාමික පොලිස්, විශ්‍රාමික රාජ්‍ය සේවක වැනි බොහෝ ක්ෂේත්‍රවලට සම්බන්ධ වී සිටි ප්‍රමාණවත් උගතුන් විශාල සංඛ්‍යාවක් මේ සංවිධානයට එකතු කර ගත්තා. ප්‍රධාන වශයෙන් ජාතික විධායක කමිටුවක් නිර්මාණය කර දිස්ත්‍රික්ක වශයෙන් කමිටු 24ක් පිහිටුවා මූලික අඩිතාලම දැම්මා.

අපේ සංවිධානයට පිළිගත හැකි දේශපාලන ව්‍යාපාරයක් බලය ලබාගත් අවස්ථාවක සහාය දැක්වීමේ අරමුණක් අපට තිබුණා. 2019දී ජාතික ජන බලවේගය නිර්මාණය වන විට අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා සහයෝගය දක්වන්න තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අපේ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. සමහර අය ඇමති ධුර පවා දරනවා.

පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අපි මූලික දායකත්වය ලබාදී තිබෙනවා. සමහර ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපේ සංවිධානයේ ස්වාධීන ප්‍රතිපත්ති, සංකල්ප පත්‍රිකා ලබාදී තිබෙනවා. ඒ මත බොහෝ දේ ගොඩනැඟී තිබෙනවා.

නිදසුනක් වශයෙන් බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන ප්‍රවාහන පද්ධතියේ පවතින බරපතළ ගැටලු හඳුනාගෙන විසඳුම් යෝජනා කළා. රටක සංවර්ධනයේදී ප්‍රවාහනය සහ මහාමාර්ග මූලික යටිතල පහසුකමක් වී තිබෙනවා. මගී ප්‍රවාහනය නවීකරණය කර, මාර්ග ඉදිකිරීම සහ නවීකරණය කිරීම, දුම්රිය මාර්ග දක්වා දිගු කර තිබෙනවා.

READ:   මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මෙට්‍රෝ බස් 100කට වැඩි සංඛ්‍යාවක් නගර ආශ්‍රිත සේවයට යොදවා තිබෙන අතර තවත් බස් 800ක් දුර ගමන් සේවා සඳහා ආනයනය කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. දුම්රිය ප්‍රවාහනය නවීකරණය කිරීමට තිබෙන බොහෝ ක්‍රියාමාර්ග අතර කැලණිවැලි මාර්ගය ද්විත්ව මාර්ගයක් දක්වා සංවර්ධනය කරනවා. ඒ අනුව කොළඹ පරණ පාර සහ හයිලෙවල් පාර මෙන්ම හෝරණ කොළඹ මාර්ගයේ අධික තදබදය අවම කරන්න ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

පුද්ගලික වාහනවලින් එන ගමන් නවතා පොදු මහජන ප්‍රවාහනය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කළ හැකි ආකාරයට ගොඩනඟමින් සිටිනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලද විශාල නවීකරණයන් ප්‍රමාණයක් දැනටමත් සිදු කරනවා.

රටක් පවත්වාගෙන යාමට නිසි ආකාරයේ පාලනය අත්‍යවශ්‍යයි. සරලව කියනවා නම් යහපාලනයක් අවශ්‍යයි. මෙන්න මේ යහපාලනය ගොඩනැඟීමටයි අපි ක්‍රියා කරන්නේ. දිස්ත්‍රික් මට්ටමේ සිටින අපේ නියෝජිතයන් රජයේ නිලධාරීන් දැනුවත් කරමින්, මහජනතාව දැනුවත් කරමින් රට නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා අපේ දැනුම, ඥානය සහ මඟපෙන්වීම ලබා දෙනවා. ඒ වෙනුවෙන් ගොඩනැඟුණු අපේ සංවිධානයේ දසවැනි සංවත්සරය 31 වැනිදා පවත්වනවා.

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්