ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත.
ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ පුවත්පත් කර්මාන්තයට බලපාල තියන අර්බුදය ලංකාදීප ඇතුළු විජය පුවත්පත් සමාගමටත් බලපාල තියෙනව කියන එක රහසක් නෙවෙයි.
නමුත් සේවකයෝ කියන්නේ පත්තර අලෙවිය පහල වැටීමට වඩා සමාගමේ මූල්‍ය අර්බුදය තීව්‍ර වෙලා තියෙන්නේ විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජනක රත්නකුමාරගේ අදූරදර්ශී තීරණ නිසා කියල. ඔවුන් කියන විදියට ජනක රත්නකුමාරගේ අධික පාඩු ලබන විශ්වවිද්‍යාල සහ හෝටල් ව්‍යාපෘති මේ අර්බුදයට ප්‍රධාන හේතුව. විශේෂයෙන්ම සමාගමේ සභාපති රන්ජිත් විජේවර්ධන වයෝවෘද්ධ නිසා දැන් සියලු තීන්දු තීරණ ගන්නේ ප්‍රධාන විධායක නිළධාරියා.
මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය දැන් අවුරුද්දක විතර කාලයක ඉඳල සේවක වැටුප් ගෙවීම ප්‍රමාද වීම. ඒ වගේම ඔවුන්ට හිමි බෝනස් සහ වෙනත් දීමනාත් කපා ඇති බව තවත් චෝදනාවක්.
සේවකයිනුත්, පාලනාධිකාරියත් අතරේ මේ ගැටලුව ගැන කාලයක් මුළුල්ලේ ඔඩු දුවමින් තිබුණ අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට අද (ඔක්තෝබර් 23) ලංකාදීප පිටු සැකසුම් ශිල්පීන් පිරිසක් ජනක රත්නකුමාරගේ කාර්යාලය වට කරලා. අන්තිමට ප්‍රධාන විධායක නිලධාරියා කතුවරුන් දෙන්නෙක් කාර්යාලයට ගෙන්නාගෙන පොරොන්දු වෙලා තියෙන්නේ හෙට මේ ගැටලුවට විසඳුමක් දෙනවා කියල.
ලංකාදීපේ වගේම හිටපු ඇමති ටිරාන් අලස් ට අයත් මවුබිම සහ Ceylon Today පත්තරවලත් දැන් අවුරුදු ගාණක ඉඳල මේ සේවක වැටුප් අර්බුදය තියෙනව. කොටින්ම ඒ පුවත්පත්වල මාධ්‍යවේදීන්ට වැටුප් ලැබෙන්නේ මාස ගාණක් ප්‍රමාද වෙලා. බොහෝ ජාතික පුවත්පත්වල සමහර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සමහර වාර්තාවලට ගෙවීමක් ලැබෙන්නෙම නැහැ.
ඒ අතරේ ජ්‍යෙෂ්ඨ කියල කියාගන්න සමහර මාධ්‍යවේදීන්ම සහෝදර මාධ්‍යවේදීන්ගේ වීඩියෝ, ඡායාරූප, වාර්තා සොරාගන්න අවස්ථා ගැනත් බොහෝ උදාහරණ තියෙනව. මට මතකයි ජ්‍යෙෂ්ඨ මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර Ananda Dharmapriya Jayasekara මාධ්‍යවේදීන්ට වැටුප් නොගෙවීම ගැන මෑතකදී දීර්ඝ සටහනක් තියල තිබුණ.
නමුත් අවාසනාවන්තම කාරණය තමයි, ලංකාවෙත් ලෝකෙත් වෙනත් බොහෝ අසාධාරණ ගැන හඬ නගන අපි, අපේම ක්ෂේත්‍රයේ අපේම සහෝදර මාධ්‍ය සේවකයින්ගේ ශ්‍රමය කොල්ලකෑම ගැන නෑසූ කන්ව ඉන්න එක – ලංකාදීපයේ වැටුප් අර්බුදය හෝ මවුබිමේ මාධ්‍යවේදීන්ට වෙන අසාධාරණය ගැන මාධ්‍යවේදීන්වත්, මාධ්‍ය සංවිධානවත් කිසිම හඬක් නොනැගීම.
– සරෝජ් පතිරණ
2025 ඔක්තෝබර් 23
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…