දේශීය

“හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 ”හෙට

හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) කොළඹ “ගෝල්ෆේස්” හෝලයේ දී පැවැත්වීමට නියමිතය.

“කැළඹිලි වලට මුහුණ දීම: පරිවර්තනය සඳහා එක්වීම” “Tackling Turbulences: Teaming up for Transformation” යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව පැවැත්වීමට ජාතික කම්පන ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු ප්‍රතිකාර පද්ධතිය ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවීම, රෝගීන්ට, ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දීම, පද්ධති කාර්යක්ෂමතාව සාක්ෂාත් කර ගැනීම, හවුල්කරුවන් සමඟ වැඩ කිරීම සහ වර්තමාන විද්‍යාත්මක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වේ.

අනතුරුවලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරිම් අද වන විට ලොව දියුණුවට පත්ව ඇති අතර, මෙම සමුළුව තුළින් ලෝකයේ නවීනතම විශේෂඥ දැනුම මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් සමඟ හුවමාරු කර ගැනීම, මෙරට හදිසි අනතුරු ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම ලෝකයට ලබාදීමට ද මෙම සමුළුව මගින් හැකියාව ලැබේ.

මෙරට රෝහල් පද්ධතියට වැඩිම රෝගීන් පිරිසක් හදිසි අනතුරු හේතුවෙන් ඇතුළත් වන අතර, ඉන් වැඩි පිරිසක් ආර්ථික වශයෙන් ඵලදායි ප්‍රජාව වීම ද එම හේතුවෙන් පවුල්, සමාජ, ආර්ථීක ප්‍රශ්ණ ඇතිවනවා මෙන්ම එම පිරිසට ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ද රජයට විශාල මුදලක් වැය කිරීමට ද සිදුව ඇත.

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට 06-08 පමණ පිරිසකගේ ජීවිත අහිමි වන අතර, වසරකට 2500 ක් පමණ පිරිසකට ජිවිත අහිමි කරමින් එම ප්‍රමාණය මෙන් දසගුණයක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වේ.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වේ.

සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී 20230 වසර වනවිට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 2020 වසරට සාපොක්ෂව සියයට 50 කින් අඩු කර ගත යුතු වන අතර, එය අභියෝගාත්මක ඉලක්කයකි.

ඉහත කරුණු මුලික කර ගනිමින් මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතවන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට ද මෙම සමුළුව තුළින් හැකියාව ලැබෙන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික කම්පන ලේකම් කාර්යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව මෙම සමුළුව පවත්වනු ලැබේ.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago