ක්‍රීඩා

ඉන්දියාවට, ඉන්දියාවෙදිම අමතක නොවන පාඩමක් ඉගැන්නූ ඕස්ට්‍රේලියා කෙල්ලන් ඉහළම ලකුණු හබායෑමේ ශ්‍රී ලංකා වර්තාවත් උදුරා ගනී..

file

ඉන්දියාවට, ඉන්දියාවේදීම කිසිදා අමතක නොවන පාඩමක් උගන්වමින් කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයක ඉහළම ලකුණු හඹා යාමේ වාර්තාවත් තමන් සතු කර ගනිමින් ඕස්ට්‍රේලියා කෙල්ලන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා. මීට පෙර කාන්තා එක්දින තරගයක ඉහළම ලකුණු හඹා යාමේ වාර්තාව තිබුණේ ශ්‍රී ලංකාවේ නමටයි. ඒ, 2024 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 302ක ඉලක්කයක් සාර්ථකව හඹා යමින්.

ලකුණු 331ක අති දැවැන්ත ඉලක්කයන් හඹා ගිය ඕස්ට්‍රේලියාව ඉතා මනා ලෙස පීඩනය පාලනය කරමින් ක්‍රමානුකූලව පිතිහරඹයේ නිරත වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ලේ වේගවත් සබඳතාවය ලකුණු 85ක්. දළ ලකුණු ලබා ගැනීම 7ක වේගයක් රඳවා ගත් ඕස්ට්‍රේලියාව, තරගයේ පාලනය මුලසිටම තමන් වෙත නතු කර ගැනීමට සමත් වුණා. නමුත් ඉන්දීය නායිකා Harmanpreet Kaur එක්වරම පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් Shree Charani වෙත පන්දු යැවීමේ වගකීම පවරනු ලැබුවා. ඒ අනුව ඇය ක්‍රියාත්මක කළ දෙවන පන්දුවෙන්ම ලකුණු 40ක් ලබා පිටියේ ස්ථාවර වී සිටි

Phoebe Litchfieldගේ කඩුල්ල දවා ගැනීමට ඇය සමත් වු⁣ණේ ඉන්දියාවට යම් ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ඇති කරමින්.

නමුත් පීඩනය හමුවේ වේගවත් පිතිහරඹයක නිරත වූ ඕස්ට්‍රේලියා නායිකා Alyssa Healy පන්දු 35ක් තුළ වේගවත් අර්ධ ශතකයක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියා ඉනිම තව තවත් ස්ථාවර කිරීමට සමත් වුණා. ඇයගේ මෙම අර්ධ ශතකය මෙවර ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය ලෙස ද සනිටුහන් වීමත් විශේෂත්වයක්. අනතුරුව ඕස්ට්‍රේලියා ඉනිමේ ලකුණු 154 දී පිටියේ ස්ථාවරව සිටි Ellyse Perryට ආබාධයක් හේතුවෙන් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට සිදුවිය. ඉන්පසු ලකුණු 170ක් වනවිට සුපිරි ක්‍රීඩිකා ⁣බෙත් මූනි ඇතුළු ඕස්ට්‍රේලියා ඉනිමේ කඩුලු 4ක් ඇවී ගියේ ඉන්දියාවට යම් අවස්ථාවක් තරගය තුළ ලබා දෙමින්.

නමුත් පීඩනය හමුවේ නොසැලී පන්දුවට පහර දුන් නායිකා Alyssa Healy ඉන්දීය ක්‍රීඩිකාවන්ට පහර පිට පහර දෙමින් ජය කණුව කරා කෙමින් කෙමින් ගමන් ක⁣ළා. සිය එක්දින දිවියේ 6 වැනි ශතකය ලබාගත් Healy ලකුණු 142ක් ලබා ගැනීමට සමත් වුණා. මෙය ඇය ලෝක කුසලානයක වාර්තා කළ තෙවන ශතකය වන අතර ඉන්දියාවට එරෙහි ලබගෙත් දෙවන ශතකයයි. ලකුණු 142ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබා දීමෙන් තෙවන විනිසුරු තීරණය මත ඇය දැවී ගියත් එය මතභේදාත්මක දැවී යාමක් ලෙස හැඳින්විය හැක්කේ විනිසුරු තීරණ අවස්ථාවේ උඩපන්දුවේ ලබා දුන් රූපවාහිනී දර්ශන හේතුවෙන්. එය දුටු බොහෝ දෙනෙකු විශ්වාස පළ කරන්නේ, මීට වඩා සමීප දර්ශන (Closeup) ලබා දුන්නේනම් තීරණය වෙනස් වීමට ද බොහෝ දුරට ඉඩ තිබූ බවයි.

මුළු ලකුණු 265දී ඇයගේ දැවීයාමත් ලකුණු 299දී 6වෙනි කඩුල්ලත් දැවී යාමත් සමග ආබාධය පසෙක තබා වගකීම කර⁣ට ගෙන යළි පිටියට පැමිණි Ellyse Perry ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් පන්දුවාර 49ක් අවසන් වනවිට කඩුලු 7ක් පමණක් දැවී තිබියදී ඕස්ට්‍රේලියාව මෙම ඵෙතිහාසික ජයග්‍රහණය කරා රැගෙන යාමට ඇය සමත් වුණා. Healyගේ මෙම ලකුණු 142 මෙවර ලෝක කුසලානය තුළ ක්‍රීඩිකාවක් ඉනිමකදී මේ වනවිට ලබාගත් ඉහළම ලකුණු ගණන ලෙස ද සනිටුහන් වීමත් විශේෂයක්.

ඒ අනුව, ඉන්දියාවට මෙවර ලෝක කුසලානය තුළ අඛණ්ඩව දෙවන වර⁣ටත් තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ නින්දාසහගත ලෙස පරාජය වැළඳ ගැනීමට සිදුවුණා.

ඕස්ට්‍රේලියා ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලේ විශිෂ්ට සබඳතාවය ලකුණු 155ක්. එක දිගට ඉනිම තුනකදී අසාර්ථක වූ ස්මිත්‍රි මන්දනා ලකුණු 80ක් ලබා ගත්තේ, කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 5,000 සීමාව අඩුම ඉනිම ගණනකින් ලබාගත් ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින් වීමත් විශේෂත්වයක්. මන්දනා මේ සඳහා වැය කළ ඉනිම් ගණන 112ක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඉනිම 129කදී ලකුණු 5,000 සීමාව පසු කළ බටහිර ඉන්දීය කොදෙව්හී Stafanie Taylor.

ඉනිම් 112 | Smriti Mandana (IND)

ඉනිම් 129 | Stafanie Taylor (WI)

ඉනිම් 136 | Suzie Bates (NZ)

ඉනිම් 144 | Mithali Raj (IND)

ඉනිම් 156 | Charlotte Edwards (ENG)

ඒ වගේම, වසරක් තුළ එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ ලකුණු 1,000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩිකාව ලෙස ද මන්දනා වාර්තා අතරට එක්විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී Annabel Sutherland ලකුණු 40කදී කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ඇය මෙම දස්කම දක්වනු ලැබුවේ සිය 24 වැනි උපන් දිනයදා වීමත් විශේෂත්වයක්. උපන් දිනයදා පැවති කාන්තා එක්දින තරගයකදී කඩුලු 5ක් දවාගත් ලොව පළමු ක්‍රීඩිකාව ලෙස Annabel Sutherland ඉතිහාගතවීමත් තවත් සුවිශේෂි කරුණක් ලෙස හැඳින්විය හැකිය.

කෙසේ වෙතත් දැන්, දැන් කාන්තා ලෝක කුසලානයේ උණුසුම වැඩිවන අතර සත්කාරක ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු පිළිබඳව ද දැන් මතුව තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. මේ පරාජයත් සමග ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටින අතර ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිට්නවා.

උපුටා ගැනීම: චතුරංග රාජපක්ෂ

Recent Posts

Mahesh Kannangarage Impresses at Zurich City Triathlon with Strong Finish in Switzerland

Zurich, Switzerland – Sri Lankan endurance athlete Mahesh Kannangarage delivered an impressive performance at the…

5 hours ago

Praveena Perera Makes History as First Sri Lankan Woman on Campaign APAC’s 40 Under 40 List

Colombo, June 29 Praveena Perera has made history by becoming the first Sri Lankan woman…

6 hours ago

ශ්‍රී ලාංකික කාන්තාවකට ආසියා-පැසිෆික් කලාපයේ විශේෂ ජාත්‍යන්තර ඇගයීමක්

ප්‍රවීනා පෙරේරා ශ්‍රී ලංකා දැන්වීම් හා සන්නිවේදන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ගෞරවයක් දිනා දෙමින්, Campaign Asia-Pacific විසින්…

6 hours ago

2028 ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය ICC නිවේදනය කරයි

ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත එක් කිරීම සඳහා පිරිමි හා කාන්තා…

6 hours ago

ICC Confirms Qualification Process for Cricket at Los Angeles 2028 Olympics | ICC Olympics Qualifier 2027 Announced

Dubai, June 29 The International Cricket Council (ICC) and the International Olympic Committee have officially…

6 hours ago

Sri Lanka Fuel Price Update: Petrol 92 Reduced by Rs.20, Auto Diesel by Rs.25 Effective June 29, 2026

Colombo, June 29 The Ceylon Petroleum Corporation (CPC) has announced a revision of retail fuel…

7 hours ago