ක්‍රීඩා

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි කළ බවත් නව හෙල්ල කට්ටලයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සදහන් කරයි.

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාව දිනූ රුමේෂ් තරංග විසින් සිය ජයග්‍රහණ සඳහා භාවිත කළ හෙල්ල පහම තමන් පැමිණි ගුවන් යානයේදී කැඩී බිඳී ගොස් තිබුණි.

මෙලෙස හානියට පත් හෙල්ල අතර බුඩාපේස්ට්හිදී මීටර් 91.09ක දුරක් වාර්තා කළ හෙල්ල මෙන්ම ස්විට්සර්ලන්තයේ සුරීච්හිදී මීටර් 92.07ක දුරක් වාර්තා කළ හෙල්ලද ඇතුළත්ය.

සිදුවූ හානිය සම්බන්ධයෙන් රුමේෂ් තරංග විසින් අදාළ ගුවන් සේවයට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.

චානක ඉනෝජ්

උපුටාගැනීම – දිනමිණ

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

18 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

18 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago