දිල්ලි ඩෙහරාඩුන් අධිවේගී මාර්ගයේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වූ ඉන්දිය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ටිට ඉදිරි ක්‍රිකට් තරඟ සඳහා සහභාගීවීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින රිෂාබ් පාන්ටිට තවත් මාස හයක කාලයක් සඳහා ක්‍රිකට් තරඟ ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
ඉදිරියේදී රිෂාබ් පාන්ටිගේ දනහිසේ සැත්කමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍යවරුන් පවසා තිබුණා.
පසුගියදා ඩෙහරාඩුන් අධිවේගී මාර්ගය තුළදී රිෂාබ් පාන්ටි ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක් වීමෙන් ඔහුගේ දනහිස, පිට සහ ශරීරයේ ප්‍රදේශ රැසකට බරපතළ හානි සිදුවී රෝහල් ගත කරණු ලැබුවා.



