කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කෙරුණා.
ජල විදුලි බලාගාරවල නිෂ්පාදන කටයුතු ද යළි ආරම්භ කර තිබෙනවා.
අද (17) පෙරවරුවේ ඇති වු තත්ත්වයක් මත මුළු දිවයිනටම විදුලි බිඳවැටීමක් සිදුවුණා.
ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කළේ කඩිනමින් ක්රියාත්මක වු විදුලි සේවකයන් එම තත්ත්වය යථාවත් කිරීම සඳහා පැය කිහිපයක් ඇතුලත කටයුතු කළ බවයි.
ඒ අනුව දිවයිනේ විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කෙරුණා.
ඇතැම් බලාගාර බිඳ වැටී ඇති බවට පැතිර යන වාර්තා අසත්ය බවයි ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කරන්නේ.
මෙවැනි බිද වැටීමක දී නිසි ක්රමවේදය අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පමණක් ක්රියාවිරහිත කෙරුණා.
විදුලි බලය ඇණහිටිමත් සමග කැනියොන්, ලක්ෂපාන, නවලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාරවල විදුලි පාලන පද්ධති ස්වයං ක්රීයව අක්රීය වුණා.
පසුව එම ජල විදුලි බලාගාර ද ක්රමානුකූලව සක්රීය කරමින් යථා තත්ත්වයට පත්කර තිබෙනවා -ITN NEWS.LK
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…