Sunday, October 18, 2026
Homeදේශීයදිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට


දේශීය පුවත්
නවතම පුවත්

කියවීමට මිනිත්තු 1

බෙදාගන්න

දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කෙරුණා.

ජල විදුලි බලාගාරවල නිෂ්පාදන කටයුතු ද යළි ආරම්භ කර තිබෙනවා.

අද (17) පෙරවරුවේ ඇති වු තත්ත්වයක් මත මුළු දිවයිනටම විදුලි බිඳවැටීමක් සිදුවුණා.

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කළේ කඩිනමින් ක්‍රියාත්මක වු විදුලි සේවකයන් එම තත්ත්වය යථාවත් කිරීම සඳහා පැය කිහිපයක් ඇතුලත කටයුතු කළ බවයි.

ඒ අනුව දිවයිනේ විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කෙරුණා.

ඇතැම් බලාගාර බිඳ වැටී ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බවයි ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරන්නේ.

මෙවැනි බිද වැටීමක දී නිසි ක්‍රමවේදය අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පමණක් ක්‍රියාවිරහිත කෙරුණා.

විදුලි බලය ඇණහිටිමත් සමග කැනියොන්,  ලක්ෂපාන,  නවලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාරවල විදුලි පාලන පද්ධති ස්වයං ක්‍රීයව අක්‍රීය වුණා.

පසුව එම ජල විදුලි බලාගාර ද ක්‍රමානුකූලව සක්‍රීය කරමින් යථා තත්ත්වයට පත්කර තිබෙනවා -ITN NEWS.LK

READ:   අස්වැසුමේ තවත් මුදල් ප්‍රමාණයක් මේ සතියේ බැංකුවලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්