Categories: දේශීය

එදා බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් මෙන්ම හින්දු ඉස්ලාම් කතෝලික ආගමික බැතිමතුන් වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශ පැවැතිය- විපක්ෂ නායක

අප රටේ ජීවත් වන සියලු ජන කොට්ඨාසවල සියලුම ආගම්වලට සම්බන්ධ අපේම රටේ ජනතාව නිසි ශක්තිය නිසි ගෞරවය එදා ලබා දුන් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දෙන බව සඳහන් බවත් එසේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂි ස්ථාවරයක් ලැබුනත් අද වන විට බුද්ධශාසන අමාත්‍යාංශය අහිමි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ අගලවත්ත පාරින්දනුවර ඉගුරුදලුව ප්‍රදේශයේ පැවැති ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් හා එක්වෙමිනි.

එදා රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් මෙන්ම හින්දු ඉස්ලාම් කතෝලික ආගමික බැතිමතුන් වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශ පැවැති බවත් සියලුම ආගම්වලට ලබා දිය යුතු ගරුත්වය ලබා දී බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අරමුදල රටට දායාද වුවත් අද එය ඉවත් කර ඇති බවත් සෙසු ආගම්වලට ලැබුණු ගරුත්වය මෙන්ම රාජ්‍ය අමාත්‍යාංශ ටික ද ඉවත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කරන්න ජන වරමක් දුන්නේ නැහැ

අප රට බුද්ධ ශාසන කැබිනට් අමාත්‍යාංශයක් සහ සෙසු ආගම්වලට අදාළ රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කිරිමට හැකි බවත් ඒ සඳහා දන්නා තරමින් බාධා නොමැති බවත් අප රට නිරාගමික රටක් නොවන බවත් අප රටේ ජිවත් වන අතිමහත් බහුතර ජනතාව විවිධ ආගම් අදහන බවත් 70%කට වැඩි ප්‍රමාණයක් බෞද්ධ ආගම අදහන බවත් හින්දු ඉස්ලාම් කතෝලික ආගම් මෙන්ම විවිධ ආගමික විශ්වාස ඇති බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කරන ජන වරමක් නොදුන් බවත් 159ක් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබු පමණින් බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ අනෙකුත් ආගම්වලට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශ ඉවත් කිරීමම රජය විකෘතියට මුල්තැන දීමක්

එම නිසා පැවැති ක්‍රමවේදයට මුල පිරිය යුතු බවත් ජනතාවගේ අපේක්ෂාව වන්නේ එය බවත් සෑම ආගමකටම ගරුත්වය ස්ථාවරය ලබා දිය යුතු බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදා කළ යුතු බවත් එය මෙරට සියලුම ආගමික නායකයන්ගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනාව එය බවත් තමන් අදහන විශ්වාස කරන ආගම් වෙනුවෙන් නිසි ස්ථාවරය නොලැබෙන විට සමාජයම විකෘති වී විකෘති අදහස් උඩට එන බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ අනෙකුත් ආගම් හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශ ඉවත් කළේ විකෘතියක සමාජය තුළ ඇති කිරිමට ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ විකෘතිභාවයේ දිගුවක් තමයි ඉතිහාස විෂය ඉවත් කිරීමත්

තමන් විශ්වාස කරන ආගම් ඇදහීම පිළිපැදීම මිනිසාගේ මූලික අයිතියක් බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ අනෙකුත් ආගම්වලට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශය අහිමි කිරීම තුළ ජනතාවගේ මූලික අයිතිය අහිමි කර ඇති බවත් මෙය නිවැරදි කළ යුතු බවත් රජයේ විකෘතිභාවයේ තවත් දිගුවක් වන්නේ හර විෂයක් තිබූ ඉතිහාස විෂය ඉවත් කිරීම බවත් මෙය නිවැරදි විය යුතු බවත් අධ්‍යාපනය දියුණු වෙනවා සේම ඉතිහාසය ද ඉගෙන ගැනිමට අවස්ථාව දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාස විෂය ඉවත් කරන්න දෙන්න බැහැ

විද්‍යා තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව නවීන අධ්‍යාපනය ගැන විපක්ෂයේ සිටම කතා කළේ සමගි ජන ජන බලවේගය බවත් මේ නවීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරනවා සේම ඉතිහාසය හා ඉතිහාස විෂය අමතක කළ නොහැකි බවත් මේ ඉතිහාසය ගැන දුවා දරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වත්මන් රජයේ නිද්‍රාශීලී ප්‍රතිපත්ති නිසා ජනතා ගැටලු පෙනේනේ නැහැ.

වත්මන් ආණ්ඩුව නිදා ගෙන සිටින නිසා ජනතාවගේ ගැටලු පෙනෙන්නේ නැති බවත් එම නිසා ආණ්ඩුව ලව කෙසේ හෝ ජනතාවට වුණු පොරොන්දු ඉටු කරවන්න කටයුතු කරන බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කියූ වත්මන් රජය අද විදුලි බිල වැඩි කරන්න යන බවත් රු. 9000 බිල 6000 කරනවා කියූ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටමින් පාරිභෝගික ජනතාවගේ අයිතිය උල්ලංඝනය කරමින් විදුලි බිල අඩු කරන්න හැකියාව තිබියදි විදුලි බිල වැඩි කරන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල වැඩි කලොත් ජනතාව සමඟ අපි පාරට බහිනවා

රජය විදුලි බිල වැඩි කිරිමට කටයුතු කළ හොත් ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික ජනතාව වෙනුවෙන් මහපාරට බැස උද්ඝෝෂණය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ වි

-විපක්ෂ නායක මාධ්‍ය ඒකකය

Recent Posts

ශ්‍රී ලංකාවේ මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය

බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත.…

1 day ago

UN Pledges Continued Support to Ensure Sri Lanka’s Recovery Benefits All

Colombo, Sri Lanka – The United Nations has welcomed Sri Lanka's elevation to Upper Middle…

2 days ago

UN Expresses Deep Sorrow Over Negombo Prison Tragedy

Colombo, Sri Lanka – United Nations Resident Coordinator Marc-André Franche has expressed profound sorrow following…

2 days ago

Sri Lanka Joins Inaugural UN Global Dialogue on AI Governance

Geneva, Switzerland – Sri Lanka participated in the inaugural United Nations Global Dialogue on AI…

2 days ago

Three Swiss Teenagers Complete Remarkable 100km Trek from Zurich to Liechtenstein

Zurich, Switzerland – Three 15-year-old Swiss students have captured attention after successfully completing an extraordinary…

2 days ago

BREAKING හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන…

7 days ago