අධි ධාරිතාවෙන් යුත් යතුරු පැදි ලියාපදිංචි කිරීමට අවසර ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඒ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
එම සටහන පහතින්,
රටේ තාරුණ්‍යය මා හට කල ඉල්ලීමක් වන අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචි කිරීමේ යෝජනාවට අවසර ලබා දීමට ශක්තියක් වෙමින්, තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාටත්, ගරු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටත් මා විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.
මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරිණි.
තවද, මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට දායකවූ සැම දෙනාටම මාගේ විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.


