file
මාදම්පේ ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පෙරේදා (4) උදෑසන ලංගම බස් රථයක් සිමෙන්ති පැටවූ ලොරි රථයක ගැටීමෙන් සිදු වූ බරපතළ තුවාලවලින් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තවත් දෙදෙනකු මරණයට පත්ව ඇති බව මාදම්පේ පොලිසිය පවසනවා.
මිය ගිය අය අතර වන ලංගම බස් රථයේ රියදුරු 30 හැවිරිදි පහළ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සිදුවූ දා සවස මීගමුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා.
මේ අතර අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි කොට්ටරන්මුල්ල බදුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවද ඊයේ මරණයට පත්ව තිබෙනවා.
ඒ අනුව පෙරේදා උදෑසන මාදම්පේ ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් මියගිය ගණන පුද්ගලයින් 3ක් දක්වා ඉහළ ගියා.
කොළඹ සිට මුන්දලම දේවාලහන්දිය දක්වා ගමන් කරමින් තිබූ හලාවත ඩිපෝවට අයත් බස් රථය පැවති අධික වර්ෂාව මැද ගමන් කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියැදුරු පාලනයෙන් මිදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු විශාල ලොරි රථයක ගැටී අනතුර සිදුව තිබුණා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…