Sunday, April 20, 2025
Homeදේශීයමාදම්පේ බස් අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළුව තුනක් මරුට

මාදම්පේ බස් අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළුව තුනක් මරුට

මාදම්පේ ඉර­ට්ට­පෙ­රි­ය­කු­ලම ප්‍රදේ­ශයේ පෙරේදා (4) උදෑ­සන ලංගම බස් රථ­යක් සිමෙන්ති පැටවූ ලොරි රථ­යක ගැටී­මෙන් සිදු වූ බර­ප­තළ තුවා­ල­ව­ලින් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තවත් දෙදෙ­නකු මර­ණ­යට පත්ව ඇති බව මාදම්පේ පොලිසිය පවසනවා.

මිය ගිය අය අතර වන ලංගම බස් රථයේ රියදුරු 30 හැවිරිදි පහළ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සිදුවූ දා සවස මීගමුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා.

මේ අතර අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර සිටි කොට්ට­ර­න්මුල්ල බදු­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි පුද්ගලයෙකු සහ හලා­වත මහ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි අවි­ස්සා­වේල්ල ප්‍රදේශයේ පදිංචි 70 හැවි­රිදි කාන්තා­වද ඊයේ මරණයට පත්ව තිබෙනවා.

ඒ අනුව පෙරේදා උදෑසන මාදම්පේ ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් මියගිය ගණන පුද්ගලයින් 3ක් දක්වා ඉහළ ගියා.

කොළඹ සිට මුන්ද­ලම දේවා­ල­හ­න්දිය දක්වා ගමන් කර­මින් තිබූ හලා­වත ඩිපෝ­වට අයත් බස් රථය පැවති අධික වර්ෂාව මැද ගමන් කර­මින් තිබි­යදී ඇති වූ කාර්මික දෝෂ­යක් හේතු­වෙන් රියැ­දුරු පාල­න­යෙන් මිදී සිමෙන්ති ප්‍රවා­හ­නය කර­මින් තිබු විශාල ලොරි රථ­යක ගැටී අනතුර සිදුව තිබුණා.

file: dinamina.lk
READ:   දුම්රියක ගැටී සරසවි සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්