දේශීය

ගනේමුල්ලේ STF වෙඩි පහරින් 28 හැවිරිදි සැකකරු මරුට

ගණේමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකය සහ සැකකරුවකු අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් 28 හැවිරිදි සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරික්ෂාවක් සිදු කිරීමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබු සැකකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය සැකකරු ඉකුත් 09 වනදා සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධ පාතාල කල්ලි සමාජකයකු බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Recent Posts

රාහුල කොළඹ ආදි සිසු සංගීත සැදෑව 28 දා..

මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…

13 hours ago

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

6 days ago

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…

6 days ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

7 days ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

2 weeks ago