වේගයෙන් බිඳවැටුණු ආර්ථිකය යළි යහපත් තත්ත්වයකට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අභිනව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ දී ප්‍රාථමික අයවැය අතිරික්තයක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගත් 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,


