ගණේමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකය සහ සැකකරුවකු අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් 28 හැවිරිදි සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (20) රාත්‍රියේ ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරික්ෂාවක් සිදු කිරීමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබු සැකකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය සැකකරු ඉකුත් 09 වනදා සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධ පාතාල කල්ලි සමාජකයකු බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.


