file
ඉබ්බාගමුව කලාපයට අයත් ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) අසිහියෙන් යුතුව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී හමුව තිබෙනවා.
පසුව ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහල්ගත කළ එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බවයි කුරුණෑගල ශික්ෂණ රෝහල පවසා ඇත්තේ.
මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැක කරන බවට සිදුවීම පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන මදුරාගොඩ පොලිසිය පවසන බව දිනමිණ සඳහන් කරනවා.
කිසියම් පෙති වර්ගයක් ගස යට වැටී තිබී අහුලාගෙන පානය කළ බවට සිසුන් පැවසුව ද ඒවා කිසියම් වැඩිහිටියකු විසින් සිසුන්ට ලබා දුන්නේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
රෝහල්ගත කොට සිටින සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන්.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…