Saturday, May 30, 2026
Homeදේශීයමත්වූ ප්‍රාථමික සිසුන් හතරක් ගහක් යට වැටී සිටියදී සොයාගැනේ: සිසුවෙකුගේ තත්ත්වය බරපතළයි

මත්වූ ප්‍රාථමික සිසුන් හතරක් ගහක් යට වැටී සිටියදී සොයාගැනේ: සිසුවෙකුගේ තත්ත්වය බරපතළයි

ඉබ්බා­ග­මුව කලා­ප­යට අයත් ලිහි­ණි­වැ­හැර ප්‍රාථ­මික විද්‍යා­ලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) අසි­හි­යෙන් යුතුව විද්‍යා­ලයේ ගසක් යට වැටී සිටි­යදී හමුව තිබෙනවා.

පසුව ඔවුන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කොට ඇති අතර රෝහ­ල්ගත කළ එක් සිසු­ව­කුගේ තත්ත්වය බරපතළ බවයි කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහල පවසා ඇත්තේ.

මොවුන් කිසි­යම් හඳුනා නොගත් මත්පෙති වර්ග­යක් පානය කිරී­මෙන් මෙසේ පාසල තුළ සිහි­සුන්ව සිටි බවට සැක කරන බවට සිදු­වීම පිළි­බඳ පරී­ක්ෂණ මෙහෙ­ය­වන මදු­රා­ගොඩ පොලි­සිය පවසන බව දිනමිණ සඳහන් කරනවා.

කිසි­යම් පෙති වර්ග­යක් ගස යට වැටී තිබී අහු­ලා­ගෙන පානය කළ බවට සිසුන් පැව­සු­ව ද ඒවා කිසි­යම් වැඩි­හි­ටි­යකු විසින් සිසුන්ට ලබා දුන්නේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

රෝහ­ල්ගත කොට සිටින සිසුන් සිව්දෙ­නාම ලිහි­ණි­වැ­හැර අවට පදිං­චි­ක­රු­වන්.

READ:   ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ලා ක්‍රීඩා කරන T20 ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේදී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්