file
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් කැඳවීමට දින නියම වීම නාමල් රාජපක්ෂගේ හිග විදුලි බිල සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් ගෙවීමට හේතුව බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා පවසනවා.
එම නඩුව ලබන මාසේ 6 වනදා විමසීමට නියමිත බව ඒ මහතා සඳහන් කළා.
නඩුව කැඳවීම සඳහා තමන්ට ඇතුළුව සිතාසි එවා ඇති බව ඔහු පවසනවා.
ඒ නිසා දැන් මෙම ගැටලුවෙන් පැන යා නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.
ආන්දෝලනයකට තුඩු දුන් නාමල් රාජපක්ෂ මහතාගේ රුපියල් ලක්ෂ 26කට අධික විවාහ උත්සවයේ විදුලිබිල ගෙවා දැමීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ (02) කටයුතු කළා.
සනත් නිශාන්ත අමාත්‍යවරයා එම ලයිට් බිල ගෙවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා අද (03) සිය ස්තූතිය පුද කර සිටියා.
දැඩිව කතාබහට ලක්වූ එම ගැටලුව දැන් අවසන් බව පැවසු නාමල් රාජපක්ෂ මහතා අද වන තෙක් හෝ තමාට එවැනි බිලක් නොලැබුණු බව සඳහන් කළා.
විදුලිබල මණ්ඩලය 5 වන ජනාධිපතිවරයාගේ ජනාධිපති ආරක්ෂක අංශයට එවැනි බිලක් යොමු කර ඇති බවත් ඒ මහතා පැවසුවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…