Wednesday, July 15, 2026
Homeදේශීයනමල්ගේ මගුල් ගෙදර අවුරුදු ගානක් පරණ ලක්ෂ 26ක ලයිට් බිල හදිසියේ ගෙවීමට හේතුව?

නමල්ගේ මගුල් ගෙදර අවුරුදු ගානක් පරණ ලක්ෂ 26ක ලයිට් බිල හදිසියේ ගෙවීමට හේතුව?

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් කැඳවීමට දින නියම වීම නාමල් රාජපක්ෂගේ හිග විදුලි බිල සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් ගෙවීමට හේතුව බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා පවසනවා.

එම නඩුව ලබන මාසේ 6 වනදා විමසීමට නියමිත බව ඒ මහතා සඳහන් කළා.

නඩුව කැඳවීම සඳහා තමන්ට ඇතුළුව සිතාසි එවා ඇති බව ඔහු පවසනවා.

ඒ නිසා දැන් මෙම ගැටලුවෙන් පැන යා නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

ආන්දෝලනයකට තුඩු දුන් නාමල් රාජපක්ෂ මහතාගේ රුපියල් ලක්ෂ 26කට අධික විවාහ උත්සවයේ විදුලිබිල ගෙවා දැමීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ (02) කටයුතු කළා.

සනත් නිශාන්ත අමාත්‍යවරයා එම ලයිට් බිල ගෙවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා අද (03) සිය ස්තූතිය පුද කර සිටියා.

දැඩිව කතාබහට ලක්වූ එම ගැටලුව දැන් අවසන් බව පැවසු නාමල් රාජපක්ෂ මහතා අද වන තෙක් හෝ තමාට එවැනි බිලක් නොලැබුණු බව සඳහන් කළා.

විදුලිබල මණ්ඩලය 5 වන ජනාධිපතිවරයාගේ ජනාධිපති ආරක්ෂක අංශයට එවැනි බිලක් යොමු කර ඇති බවත් ඒ මහතා පැවසුවා.

READ:   13 ක්‍රියාත්මක කරන්ඩ ජනපති උනන්දුයි: පොලිස් බලතල බෙදීම ගැන සාකච්ඡාව හෙට - සී.වී. විග්නේෂ්වරන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්