සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ, වැව්
තාවුලුවල සිටින දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක්
ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා ඇමති සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති නාමල් රාජපක්ෂ මහතා ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේය.
පාසලක්, මහින්දෝදය විද්‍යාගාරයක්, නැණසලක්, ආගමික ස්ථානයක්, ප්‍රජාශාලාවක් හෝ පුස්තකාලයක් හෝ පෞද්ගලික අංශයේ දානපතියෙක් මැදිහත්ව ලබාදෙන මධ්‍යස්ථානයක් තුළ පරිගණක හෝ ටැබ් උපරිම 10ක් සහිතව මෙම ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය.
අදාළ මධ්‍යස්ථාන ඔස්සේ උදෑසන සිට සවස්වනතුරු ඊ-තක්සලාව හරහා
අධ්‍යාපනය හැදෑරීමේ අවකාශය දරුවන්ට ලබාදෙන බව කියා සිටි ඇමතිවරයා එම දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනයට වියදම් වන දත්ත (ඩේටා) සඳහා වැය වන මුදල් රජය දරණ බවද පැවසීය.
අන්තර්ජාල ගැටලු ඇති දරුවන්ට ග්‍රාමීය සන්නිවේදන මධ්‍යස්ථාන
නවතම වීඩියෝ
-
ආනන්ද විද්‍යාලය අසලදී තරුණයෙකුට වෙච්ච අසධාරණයක්??අන්ඩවෙයාර් විතරයි කලිසම ගැලෙව්වා හරි අසික්කිතයි??
-
තාත්තා මට බයිසිකල් පදින්න රු.10ට rent එකට ගෙනාපු හැටි මතකයි.හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ අතීතය
-
🔴EPF අරමුදල බඩු බනිස්ද? කුකුල් කොටුව නරින්ට භාර දුන්නා වගේ?හැමෝම දැනුවත් විය යුතු කරුණ ගැන හෙළිදරව්ව
-
මේ ඒක දැනිලා ජනපති අරන් වටේ යන්න හදන්නේ. රෝහිත අබේගුණවර්ධන ජනපතිරැස්වීම් මාලාව ගැන කට අරී.


