දේශීය

‘ප්‍රේම්’ ළමා නිවාසයේ ළමා ජාවාරමක් සිදුවන බවට, නැවත වරක් හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

file

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත්, ‘ප්‍රේම්’ නිවාසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල කතා බහට ලක් වූයේ, මෙහි ළමා ජාවාරම් සිදුවන බවටයි. එමෙන් ම කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මැදිහත් වීම මත, මේ පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ අතරමග නතර කළ බවත්, සඳහන් විය.

සත්‍ය වශයෙන් ම මෙහි ළමා ජාවාරාම් සිදුවනවා ද, එසේ නැත්නම් නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් මෙහි සිදුවනවාද යන්න පිළිබඳ ව මෙන් ම මෙම නඩුව සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට FactCrescendo අප උත්සහ කළා.

සමාජ මාධ්‍ය සටහන් :

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක දැක ගන්නට ලැබුණේ, මොරටුව, රාවතාවත්ත පිහිටි ප්‍රේම් ළමා නිවාසයේ ළමා ජාවාරම් සිදු වන බවත්, 2011 වසරේ දී ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කළ වැටලීමක් කළ බවත්, එහිදී එම නිවාසයේ එවකට සිටි ප්‍රධාන පාලිකාව වන කන්‍යා සොයුරියක් අත්අඩංගුවට ගැනුණු බවත්, එම පරීක්ෂණ අතර මැද නැවතීමට සිදු වූයේ කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මැදිහත් වීම මත බවත් යනුවෙනි. එසේ දීර්ඝ විස්තරයක් සහිතව හුවමාරු වූ සටහනක් පහතින්.

“මෙහෙයුම කල නිලධාරීන්ට මක්කා වෙයිද ?

මොරටුව රාවතාවත්තේ පේ‍්‍රම් ළමා නිවාසය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සෝදිසියට ලක්කළේ එහි සිදුවෙනවා යයි කියන බිහිසුණු ළමා ජාවාරම පිළිබඳව ඔත්තු ගොඩාක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු හෙයිනි. ළමා ආරක්ෂක අධිකාරිය නිතියට එකගව ක‍්‍රියා කළේය. අපි ඕක පරික්ෂා කරන්ට එනවා නොකියා එය පරික්ෂාවට ගියේය. පේ‍්‍රම් ළමා නිවාසයට ගිය ළමා ආරක්ෂක අධිකාරියේ පිරිස් තිගැස්සුනහ.

ඔවුන්ට අදහා ගැනීමට බැරිතරම් භයානක නිති විරෝධි දේ දකින්ට  ලැබුණි. එය වැටලීමට සහභාගිවු අයෙක් කි ලෙසට හරියට ළමා ගොවිපළකට ගියා වගේ ඔහුට දැනුනි. බිජ පොහොර අස්වනු ගැණුම් කරුවන් ගණුදෙනු ලිපි සේරම හමුවිය. එමනිසා පේ‍්‍රම් ළමා නිවාසය පාළිකාව වශයෙන් කටයුතු කළ ඉන්දිය සොහොයුරිය අත් අඩංගුවට ගැනුනි. මෙතැන් පටන් කතෝලික සභාවේ ඉහළ නිලතල දරන විශාල පිරිසක් පරලවුහ.

එහි අවසාන ප‍්‍රතිඵලය කාදිනල් මැල්කම් රංජිත් තුමා ආවේෂවිමයි. එතුමා මොන විදිහට ආවේෂ වුවාද යත් නිතියට අභියෝග කළේය. සියලූම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා යයි කීවේය. බොහෝම සුලූ ඇපයකට අත් අඩංගුවේ සිටි සොහොයුරියට එළියට ඒමට නිදහස ලැබුණි. කතෝලික සභාව යනු ලෝකයේ ඇති බලගතුම සංවිධානයයි. මෙහි නායක පාප්තුමා ආගමික නායකයෙක් පමණක් ම නොවේ රාජ්‍ය නායකයෙකි. මෙම රාජ්‍ය නායකයා ලෝකයේම බලය පතුරුවාගෙන ලෝකය පාලනය කරයි. මැල්කම් රංජිත් කාදිනල් තුමා එතුමාගේ ලංකා ශාඛාවේ මෙහෙයුම්කරුවා නිසා ලංකාවේ ජනාධිපතිතුමාව සෙවීමට තරම් බලයක් හා ශක්තියක් ඇත්තෙකි.

මෙවැනි බලවන්තයෙක් රජයේ උත්සව වර්ජනය කරනවා යයි තර්ජනය කළවිට රජයේ පැත්තෙන් කළයුතුව ඇත්තේ දණගසා වැඳ සමාව ඉල්ලීමයි. වරදක් වුනානම් එය නිවැරදි කරගන්නවා ය කියමින් සමාව ඉල්ලීමයි. එය රජය ඉටුකරමින් සිටි.  නැතිනම් ප‍්‍රතිඵලය භයානක වෙන බව වැටහිමෙනි. එතකොට නිතිය රකින්ට ගිය ළමා ආරක්ෂක අධිකාරියට…? එය පවතීවි. ඒත් මෙහෙයුම කල නිලධාරින්ට කෙල වෙන්ඩ පුලුවනි.”

උපුටා ගැනීම: FACT Crescendo

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

1 day ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago