Thursday, April 23, 2026
Homeදේශීය‘ප්‍රේම්’ ළමා නිවාසයේ ළමා ජාවාරමක් සිදුවන බවට, නැවත වරක් හුවමාරු වන නොමඟ...

‘ප්‍රේම්’ ළමා නිවාසයේ ළමා ජාවාරමක් සිදුවන බවට, නැවත වරක් හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

file

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත්, ‘ප්‍රේම්’ නිවාසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල කතා බහට ලක් වූයේ, මෙහි ළමා ජාවාරම් සිදුවන බවටයි. එමෙන් ම කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මැදිහත් වීම මත, මේ පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ අතරමග නතර කළ බවත්, සඳහන් විය.

සත්‍ය වශයෙන් ම මෙහි ළමා ජාවාරාම් සිදුවනවා ද, එසේ නැත්නම් නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් මෙහි සිදුවනවාද යන්න පිළිබඳ ව මෙන් ම මෙම නඩුව සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට FactCrescendo අප උත්සහ කළා.

සමාජ මාධ්‍ය සටහන් :

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක දැක ගන්නට ලැබුණේ, මොරටුව, රාවතාවත්ත පිහිටි ප්‍රේම් ළමා නිවාසයේ ළමා ජාවාරම් සිදු වන බවත්, 2011 වසරේ දී ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කළ වැටලීමක් කළ බවත්, එහිදී එම නිවාසයේ එවකට සිටි ප්‍රධාන පාලිකාව වන කන්‍යා සොයුරියක් අත්අඩංගුවට ගැනුණු බවත්, එම පරීක්ෂණ අතර මැද නැවතීමට සිදු වූයේ කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මැදිහත් වීම මත බවත් යනුවෙනි. එසේ දීර්ඝ විස්තරයක් සහිතව හුවමාරු වූ සටහනක් පහතින්.

මෙහෙයුම කල නිලධාරීන්ට මක්කා වෙයිද ?

මොරටුව රාවතාවත්තේ පේ‍්‍රම් ළමා නිවාසය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සෝදිසියට ලක්කළේ එහි සිදුවෙනවා යයි කියන බිහිසුණු ළමා ජාවාරම පිළිබඳව ඔත්තු ගොඩාක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු හෙයිනිළමා ආරක්ෂක අධිකාරිය නිතියට එකගව ක‍්‍රියා කළේයඅපි ඕක පරික්ෂා කරන්ට එනවා නොකියා එය පරික්ෂාවට ගියේයපේ‍්‍රම් ළමා නිවාසයට ගිය ළමා ආරක්ෂක අධිකාරියේ පිරිස් තිගැස්සුනහ.

ඔවුන්ට අදහා ගැනීමට බැරිතරම් භයානක නිති විරෝධි දේ දකින්ට  ලැබුණිඑය වැටලීමට සහභාගිවු අයෙක් කි ලෙසට හරියට ළමා ගොවිපළකට ගියා වගේ ඔහුට දැනුනිබිජ පොහොර අස්වනු ගැණුම් කරුවන් ගණුදෙනු ලිපි සේරම හමුවියඑමනිසා පේ‍්‍රම් ළමා නිවාසය පාළිකාව වශයෙන් කටයුතු කළ ඉන්දිය සොහොයුරිය අත් අඩංගුවට ගැනුනිමෙතැන් පටන් කතෝලික සභාවේ ඉහළ නිලතල දරන විශාල පිරිසක් පරලවුහ.

READ:   2001 - 2021 මෙරට කඳුකර කොටින් 145 ක් මරා දමයි

එහි අවසාන ප‍්‍රතිඵලය කාදිනල් මැල්කම් රංජිත් තුමා ආවේෂවිමයිඑතුමා මොන විදිහට ආවේෂ වුවාද යත් නිතියට අභියෝග කළේයසියලූම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා යයි කීවේයබොහෝම සුලූ ඇපයකට අත් අඩංගුවේ සිටි සොහොයුරියට එළියට ඒමට නිදහස ලැබුණිකතෝලික සභාව යනු ලෝකයේ ඇති බලගතුම සංවිධානයයිමෙහි නායක පාප්තුමා ආගමික නායකයෙක් පමණක් ම නොවේ රාජ්‍ය නායකයෙකිමෙම රාජ්‍ය නායකයා ලෝකයේම බලය පතුරුවාගෙන ලෝකය පාලනය කරයිමැල්කම් රංජිත් කාදිනල් තුමා එතුමාගේ ලංකා ශාඛාවේ මෙහෙයුම්කරුවා නිසා ලංකාවේ ජනාධිපතිතුමාව සෙවීමට තරම් බලයක් හා ශක්තියක් ඇත්තෙකි.

මෙවැනි බලවන්තයෙක් රජයේ උත්සව වර්ජනය කරනවා යයි තර්ජනය කළවිට රජයේ පැත්තෙන් කළයුතුව ඇත්තේ දණගසා වැඳ සමාව ඉල්ලීමයි. වරදක් වුනානම් එය නිවැරදි කරගන්නවා ය කියමින් සමාව ඉල්ලීමයි. එය රජය ඉටුකරමින් සිටි.  නැතිනම් ප‍්‍රතිඵලය භයානක වෙන බව වැටහිමෙනි. එතකොට නිතිය රකින්ට ගිය ළමා ආරක්ෂක අධිකාරියට…? එය පවතීවි. ඒත් මෙහෙයුම කල නිලධාරින්ට කෙල වෙන්ඩ පුලුවනි.”

උපුටා ගැනීම: FACT Crescendo

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්