Friday, May 15, 2026
Homeක්‍රීඩාලක් මාතාවට ජයගෙනා 'තර්ජනී' දැල් පන්දුවට සමුදෙයි

ලක් මාතාවට ජයගෙනා ‘තර්ජනී’ දැල් පන්දුවට සමුදෙයි

file

මෙරටින් බිහි වූ විශිෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාවක් වන තර්ජනී ශිවලිංගම් තමා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

තම නිල ෆේස්බුක් පිටුව හා ඉන්සටග්‍රෑම් ගිණුම මගින් නිවේදනයක් සිදු කරමින් තර්ජනී මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

වසර ගණනාවක් ජාතික දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් ලෙස කටයුතු කළ ඇය, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර දැල් පන්දු තරග 100කට සහභාගී වූ පළමු ක්‍රීඩිකාව ද වෙනවා.

පසුගියදා කේප් ටවුන් හිදී නිමාවට පත්වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය පසු තර්ජනී ශිවලිංගම් මෙම තීරණය ගෙන තිබෙනවා. මෙවර තරගාවලියට සහභාගී වූ සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි 16 වැනි ස්ථානය හිමි කර ගත්තා.

2009 වසරේදී ජාතික දැල්පන්දු කණ්ඩායමට තේරී පත්වූ තර්ජනී ශිවලිංගම් අවස්ථා රැසකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් සැපයූ ක්‍රීඩිකාවක් වනවා.

READ:   ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සටන් වදින ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරඟය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්