file
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සම සත්කාරත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
ආසියානු කුසලාන තරගාවලිය අගොස්තු 31 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා පැවැත්වෙයි.
තරග 13 කින් සමන්විත තරගාවලියේ තරග 09 ක් ශ්‍රී ලංකාවේදී සහ තරග 04 ක් පාකිස්තානයේ දී ත් පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කළද ඒ සඳහා සහභාගීවීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවයි.
ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලානය පැවැත්වීම පිළිබඳව මත ගැටුමක් ඇති වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද මැදිහත්ව (ICC) දෙරට ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.
ඒ අනුව ශ්‍රි ලංකාව සහ පාකිස්තානය මූලික කරගෙන මෙවර ආසියානු කුසලානය සම සත්කාරත්වයෙන් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…