Friday, October 16, 2026
Homeක්‍රීඩාBREAKING: ආසියානු කුසලානයේ තරග ශ්‍රී ලංකාවේදී..

BREAKING: ආසියානු කුසලානයේ තරග ශ්‍රී ලංකාවේදී..

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සම සත්කාරත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.

ආසියානු කුසලාන තරගාවලිය අගොස්තු 31 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා පැවැත්වෙයි.

තරග 13 කින් සමන්විත තරගාවලියේ තරග 09 ක් ශ්‍රී ලංකාවේදී සහ තරග 04 ක් පාකිස්තානයේ දී ත් පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කළද ඒ සඳහා සහභාගීවීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවයි.

ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලානය පැවැත්වීම පිළිබඳව මත ගැටුමක් ඇති වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද මැදිහත්ව (ICC) දෙරට ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.

ඒ අනුව ශ්‍රි ලංකාව සහ පාකිස්තානය මූලික කරගෙන මෙවර ආසියානු කුසලානය සම සත්කාරත්වයෙන් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

READ:   CCCline1333 11වැනි BIKEATHON පාපැදි සවාරියේ මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්