file
පහර දීමක් හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩුවෙල මහනගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
පියත් නිකේෂල තම සේවය නිම කර යළි නිවසට පැමිණෙමින් සිටියදී බත්තරමුල්ල, කොස්වත්ත, සමගි මාවත ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ ප්‍රහාරයකට ලක් විය.
පියත් පැවසුවේ, වාහන දෙකකින් පැමිණි කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න විසින් තමන්ට පහර දුන් බවයි.
මේ පිළිබඳව චන්දික අබේරත්න පැවසුවේ, තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවයි.
එම අවස්ථාවේ තමා නිකේෂලව හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සමාජිකයෙකු බව පවසමින් තමාට බැන වැදුණු බවත් හිටපු උප නගරාධිපතිවරයා ප්‍රකාශ කළා
ඔහු පවසන්නේ, මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ බවයි.
අනතුරුව පහර දීමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල පළමුව තලංගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.
පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ද ඊයේ (10) පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තා.
ඒ, ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…