Monday, April 20, 2026
Homeදේශීයපියත් නිකේෂලත් අත්අඩංගුවට

පියත් නිකේෂලත් අත්අඩංගුවට

පහර දීමක් හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ති⁣⁣බෙනවා.

කඩුවෙල මහනගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

පියත් නිකේෂල තම සේවය නිම කර යළි නිවසට පැමිණෙමින් සිටියදී බත්තරමුල්ල, කොස්වත්ත, සමගි මාවත ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ ප්‍රහාරයකට ලක් විය.

පියත් පැවසුවේ, වාහන දෙකකින් පැමිණි කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න විසින් තමන්ට පහර දුන් බවයි.

මේ පිළිබඳව චන්දික අබේරත්න පැවසුවේ, තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවයි.

එම අවස්ථාවේ තමා නිකේෂලව හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සමාජිකයෙකු බව පවසමින් තමාට බැන වැදුණු බවත් හිටපු උප නගරාධිපතිවරයා ප්‍රකාශ කළා

ඔහු පවසන්නේ, මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ බවයි.

අනතුරුව පහර දීමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල පළමුව තලංගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ද ඊයේ (10) පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තා.

ඒ, ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

READ:   වෑන් රථයක ගැටී පදිකයෙක් මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්