Thursday, March 5, 2026
Homeදේශීය1930දී බ්‍රතාන්‍ය ඉංජිනේරුවන් ඉදිකල ත්‍රිකුණාමල තෙල් ටැංකි 101...

1930දී බ්‍රතාන්‍ය ඉංජිනේරුවන් ඉදිකල ත්‍රිකුණාමල තෙල් ටැංකි 101…

1924 වසරේදී ඉදිකිරීම් අරඹා 1930 දී ඉදිකිරීම් නිමවූ වරාය ආශ්‍රිත වනගහනයක අක්කර 850 ක පමණ වපසරියක සැඟවී ගිය විශාල ප්‍රමාණයේ තෙල් ටැංකි පාත්තිය

දැනට කැළයට ගොස් ඇති මෙම විශාල තෙල් ටැංකි ඉදිකොට ඇත්තේ මහා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදි බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසිනි. 1924 දී ඉදිකිරීම් අරඹා 1930 වන විට සියලු ටැංකි ඉදිකොට අවසන් කොට ඇත. රූපයේ දැක්වෙන පරිදි මෙම කලාපයේ විශාල ප්‍රමාණයේ දැනට තෙල් ටැංකි 99 ක් තිබේ. අංක වශයෙන් ගත් කල එය 101 ක් වුවත් 99 අංකය මඟහැර ඒවා නම්කොට ඇත. මෙම ටැංකි ඉදිකිරීමේදී බ්‍රිතාන්‍යයින් විසින් ඔවුන්ගේ උපරිම තාක්ෂණික විධි අනුගමනය කොට ඇති අතර අඟල් 2 ක් පමණ වන ශක්තිමත් තහඩු උපයෝගි කරගෙන රිවට් ඇණ මඟින් එකිනෙක සම්බන්ධ කරමින් මෙම ටැංකි ගොඩනගා ඇත. යුද්ධවලදී ඇතිවිය හැකි හානි වැළැක්වීමට හා ලවණ සහිත මුහුදු සුළඟින් ආරක්ෂා වීම සඳහා ශක්තිමත් වානේ යොදාගන ඇති බව සඳහන් වේ. අඩි 45 ක් පමණ උසකින් හා වට අඩි 350 ක් පමණ වන මෙම තෙල් ටැංකියකට පිරවිය හැකි තෙල් වල “බර“ මෙට්‍රික් ටොන් 12,000 ක් පමණ වන අතර දැනට ලංකා පෙට්‍රෝලියම් සංස්ථාවේ ගබඩා ධාරිතාවය මෙන් බොහෝ ගුණයකින් මෙම තෙල් ටැංකි සියල්ලේම ගබඩා ධාරිතාවය වැඩි බව සඳහන්.

මෙම ටැංකි ආශ්‍රිතව පෙට්‍රල් , ඩීසල් , භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධනද ගබඩා කොට තිබී ඇත. එමෙන්ම මෙම ටැංකි හා සම්බන්ධ දියුණු තෙල් බහාලුම් නල පද්ධතියක්ද ඉදිකොට ඇත.එවා වරායේ ජැටිය හා කෙළින්ම සම්බන්ධ වන ලෙස පෙරහන් පදධතියකින් සමන්විත පොම්පාගාර දෙකකට සම්බන්ධකොට ඇත.මෙම පොම්පාගාර දෙක තවමත් ඉතා හොඳින් ක්‍රියාත්මක වුවත්, ඒවා ඉදිකල බ්‍රිතාන්‍ය සමාගම් දෙක මේ වන විට වසා දමා ඇත.

1942 යනු දෙවන මහා ලෝක යුද්ධය පැවති සමයයි. එවකට ජර්මනියේ හිට්ලර් හා කුළුපග වූ ජපානය ජර්මනිය සමග අත්වැල් බැඳගනිමින් ඔවුන්ට විරුද්ධ සියලු රටවල් වලට යුධ ප්‍රකාශ කිරීම අරඹා තිබිණ. බ්‍රිතාන්‍යය ජර්මනියට සතුරු වූ බැවින් ජපානය බ්‍රිතාන්‍ය යටත් විජිත කොටගෙන තිබූ සියලූ දේශයන් වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියහ. ඒ අනුව ඔවුන්ගේ බෝම්බ ශ්‍රී ලංකාවටද වැටෙමින් තිබිණ. ජපනුන් කොළඹ වරායට මෙන්ම ත්‍රිකුණාමල වරායටද බෝම්බ දැමූහ. ආරක්ෂාකාරී ලෙස යුධ යාත්‍රා වරායේ තැන් තැන් වල සඟවා තිබූ නිසා ඔවුන් බෝම්බ දැමීමට තෝරාගත්තේ මෙම තෙල් ටැංකි සංකීර්ණයයි. එහෙත් තෙල් ටැංකි ඉදිකොට තිබූ අමුතුම රටාව නිසා ඒවා මතට බෝම්බ හෙලා මහා විනාශක් කිරීමට නොහැකි බව ඔවුන් වටහාගෙන තිබිණ. වරායේ තිබූ ගුවන් යානා නාශක අවියකින් නිකුත් කල ප්‍රහාරයක් නිසා ගිනිගත් ජපන් ගුවන් යානාවක් 1942 අප්‍රෙල් 09 වනදා මෙම සංකීරණයේ කෙළවරටම වන්නට පිහිටා තිබූ නොම්මර 91 දරණ ටැංකිය මතට කඩාවැටීමට සලස්වා තිබිණ. එහිදී මහ හඬින් පුපුරා ගිය ගුවන් යානාව තෙල්වලින් පිරීගිය 91 වන තෙල් ටැංකිය සම්පූරණයෙන් විනාශ කොට දැමීය. ගුවන් යානයේ අබලි බොහෝ ඈතට විසිවී ගිය අතර ගිනිගත් ටැංකිය දින හතක් පුරා බුර බුරා ගිනිගෙන ඇති බවත් එහි තහඩු බටර් මෙන් උණු වී ඇති බවත් කියැවේ. පසු කාලයේදී තවත් එක් ටැංකියක් ගිනිගෙන විනාශ වී තිබුනේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් කාර්මික දෝශයක් නිසා ටැංකියක් මතට කඩාවැටීමෙනි. එම ටැංකියේ අංකය පිළිබඳ සඳහනක් නොමැති අතර එහි සිමෙන්ති පාදම පමණක් ඉතිරිව ඇත.

READ:   BREAKING NEWS ලැජ්ජාවක් තියෙනවානම් අදම ඉවත් වෙලා යන්න - සජිත් ක්‍රිකට් ලොක්කන්ට කියයි

මේ වන විට මෙම සංකීරණයේ පහළ ටැංකි සේවයෙන් ඉවත් කොට ඇති අතර ඉහළ ටැංකි පමණක් සේවාවට එක්කොටගෙන ඇති බව සඳහන් වේ. තමන්ගේ සේවාවන් සඳහා වුවත් බ්‍රිතාන්‍යයින් ලංකාවට දායාද කොට දුන් බොහෝ දේ අතර මෙම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වල ඉතිහාසයද එම දැවැන්ත ටැංකි පද්ධතිය මෙන්ම අප ඔබගේ සිත් මානයෙන් ඈතටම ගොස් ඇත.
දැනට ඉන්දියන් ඔයිල් සමාගමට 39 අවුරුදු බද්දට ලබා දී ඇත.

©හසිත හේරත්.

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්