Tuesday, April 21, 2026
Homeදේශීයඋසස් පෙළ පිළිතුරු ඇගයීම යළි අර්බුදයක

උසස් පෙළ පිළිතුරු ඇගයීම යළි අර්බුදයක

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව යළිත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

ඒ පිළිතුරු ඇගයීම් කටයුතු වෙනුවෙන් ගුරුවරුන් ඉල්ලා සිටි අත්තිකාරම් මුදල් මේ වන තෙක් ගෙවීමට නොහැකි වීම නිසා.

පිළිතුරු ඇගයීම් සඳහා කැඳවා ඇති ගුරුවරුන් 19,000 ක් පමණ පිරිස අතරින් කොටසකට පමණක් ඔවුන්ගේ අත්තිකාරම් මුදල් ගෙවා තිබේ.

ඒ අනුව අත්තිකාරම් මුදල් නොලැබුණු පිරිස ඇගයීම් කටයුතු වලින් ඉවත්වීමට ද කටයුතු කර තිබේ.

අත්තිකාරම් මුදල් ලබා දෙන බවට විභාග කොමසාරිස්වරයා පොරොන්දුවීමත් සමග එම ගුරුවරුන් නැවතත් උත්තර පත්‍ර ඇගයීමට පැමිණ තිබේ.

එහෙත් එම අත්තිකාරම් මුදල් ලබාදීම සඳහා දෙපාර්තමේන්තුව සතුව මුදල් නොමැති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර විෂයන් දොළහක ඇගයීම් කටයුතු අවසන් කර ඇති බවට පැවසුවද සියලු විෂයන්වල ලකුණු පටිපාටි සකස් කර හෝ. විෂයන් දොළහක ඇගයීම් අවසන් කර නොමැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   මෙහෙකාර කාන්තාව මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: විමර්ශන CIDයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්