අහංගම, කුරුඳුවත්ත ප්‍රද්ශයේ දී පහර කෑමකට ලක්වූ පුද්ගලයෙක් අහංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වූ කුරුඳුවත්ත, අහංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් අසල්වාසී පුද්ගලයෙකු විසින් මරණකරුගේ ගෙල ප්‍රදේශයට පොල්ලකින් පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අහංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.


