ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර
අවසන් කරනවා
විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය භාරගත යුතුයි
එහිදී ආදායම වැඩි කරගන්නේ කොහොමද කියා බලන්න සිදුවෙනවා. එබැවින් ඔබ සියලු දෙනා වෙතින් ඔබේ පුද්ගලික බදු සහ ඔබේ සමාගම් බදු යන දෙකම එකතු කරන්න වෙනවා. ඒ කාලේ අපිට තිබුණු එකම විසඳුම එය වුණත් එය පරිපූර්ණ විසඳුම නෙමෙයි. නමුත් වර්තමානයේ අපිට තියන එකම විසදුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමයි. නමුත් ඉදිරි කාලය තුළ එය වෙනස් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
අප වඩා හොඳ ආදායම් එකතු කිරීමේ ක්‍රමයක් සහ හොඳ බදු ව්‍යුහයක් ඇති කරනවා. එබැවින් මහා භාණ්ඩාගාරය දැන් ආදායම් එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ දියුණු කළ යුතු ක්ෂේත්‍ර රාශියක් තිබෙන අතර මේ වසර තුළ එය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අනෙක් කාරණය තමයි, ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ අපගේ ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් නොවේ. ඔවුන් අපට උදව් කිරීමට නම්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙ සඳහා අප ද සම්බන්ධ විය යුතුයි. මම හිතන්නේ ඔවුන් කිසිවෙක් නිෂ්ඵල දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අපට මේ සහනය ලබාගන්න නම් අපටත් යම් කැපකිරීමක් කරන්න වෙනවා. එය අප තේරුම් ගත යුතුයි. මහා භාණ්ඩාගාරය දැන් විවිධ විකල්ප දෙස අවධානය යොමු කර තිබෙනවා.
එහිදී මම දැනුම් දුන්නා ඉදිරිපත් කරන විකල්ප කුමක් වුවත් එය මිනිසුන්ට දුක් විඳීමට සිදු නොවන දෙයක් බවට සහතික කළ යුතුයි කියා. එබැවින් එය දුෂ්කර විකල්පයක්. මම ඔවුන්ගේ විකල්ප සීමා කර, පටු කර තිබෙනවා. නමුත් මට විස්වාසයි අපි මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි බව. අපි ණය ප්‍රතිව්‍යුහගත නොකරන්නේ නම් අපිට මීට වඩා බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ණය පියවීමටත් සිදුවන නිසා අපි ප්‍රශ්න එකින් එක නිරාකරණය කරගනිමු.
අපි මේ මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. එමෙන්ම ලබන මැයි මාසය අවසන් වන විට ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර්ථික ස්ථායීකරණ කමිටු වාර්තාව දැනටමත් සකස් කර අවසන් බව සඳහන් කළයුතුයි. එය නැවත සමාලෝචනය කිරීම සහ සංශෝධන කටයුතු මේ වන විට ජනාධිපති කාර්යාලය සහ සෙසු පාර්ශ්වයන් එක්ව සිදු කරමින් පවතිනවා.
අපි ඉදිරි වසර පහ සහ ඉදිරි වසර දහය දෙස බලා සිටිනවා. ඒ වගේම පසුගිය දශක කිහිපය තුළ පැවති බාධාවන් ඉවත් කර ආර්ථිකය කඩිනමින් විවෘත කිරීම අපේ අපේකෂාවයි. අප ක්‍රියාශ්‍රීලී අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ලෙස සංවර්ධනය විය යුතුයි. අපේ ප්‍රධාන අරමුණ වනුයේ ඉන්දියාව සමඟ විස්තීරණ ආර්ථික හා තාක්‍ෂණික හවුල්කාරිත්වයකට එළඹීමට පමණක් නොව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වෙත පිවිසීමටයි. ඒ නිසා අපි ඔවුන්ගේ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය ප්‍රමිතියට අනුව වර්ධනය විය යුතුයි.
කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට පසුව, අපි ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම (CPTPP) වෙත යා යුතුයි. මේ සදහා සාම්ප්‍රදායික ක්‍රම බොහොමයක් නවීකරණය කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ සැපයුම් කර්මාන්තවලට නව ප්‍රවේශයක් ලබා දිය යුතුයි. ඒ සඳහා හරිත බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්ති විභවයන් උපයෝගි කර ගත යුතුයි.
අප කෘත්‍රිම බුද්ධිය ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබන වසරේ මම රුපියල් බිලියනයක් වෙන් කරනවා. ඉතින් මේවා තමයි අපිට ඇති අභියෝග. මේ අභියෝගයට ඔබ සූදානම් විය යුතුයි.
මෙම මුලපිරීම සඳහා, අපට වාර්ෂිකව ඉංජිනේරුවන් 10,000 ක් සහ වෛද්‍යවරුන් 5,000 ක් ඇතුළුව, තොරතුරු තාක්ෂණ කාර්මිකයන් සහ අනෙකුත් වෘත්තිකයන් ඇතුළු දක්ෂ ශ්‍රම බලකායක් අවශ්‍ය වෙනවා. රජය දැනට වෘත්තීය හා තාක්‍ෂණික පුහුණු ආයතන 400ක් පමණ ක්‍රියාත්මක කරන අතර, පුහුණු ශ්‍රමිකයන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා සේවා මුර දෙකක් පවත්වාගෙන යාමටත් ඒ සඳහා පෞද්ගලික අංශය හවුල් කර ගැනීමටත් අවශ්‍යයි.
අපි ආර්ථිකය විවෘත කරන විට, එහි වර්ධනයේ වගකීම පුද්ගලික අංශයට පැවරෙනවා. මෙම දැක්ම සඳහා ඔබ සෑම කෙනෙකුම දායක වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අපේ රටට නව අනාගතයක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරන බැවින් ඒ සඳහා ඉදිරි මාසවලදී අපි ඔබගේ දායකත්වය සහ සහභාගීත්වය ඉතාම වැදගත් වෙනවා.
පුද්ගලික අංශය වර්ධනය පිටුපස ප්‍රධාන බලවේගය වීමට ඔබට අවශ්‍ය නම්, ඔබ සැලැස්මක් සකස් කර ප්‍රතිඵල ලබා දිය යුතුයි.
මට ඔබේ කාලයෙන් වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වූයේ අප කරන දේ, අප කර ඇති දේ සහ අප කිරීමට අදහස් කරන දේ පිළිබඳ දළ විශ්ලේෂණයක් ඔබට ඉදිරිපත් කිරීමටයි. ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය සහ අනෙකුත් ගැටළු පිළිබඳ බොහෝ විමසුම් තිබෙනවා. නමුත් දැන් අපි ඉදිරියට යාමට සූදානම් සිටිනවා. ඒ වගේම නව ආර්ථිකය තුළ ඔබේ දායකත්වය සහ භූමිකාව තීරණය කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ අපි ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, ප්‍රේමනාත් .සී .දොලවත්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග , අර්ජුන රණතුංග මෙන්ම BTOptions සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ මතී ෆාතිෆන්, ග්ලෙන්ඩා ෆාතිෆන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .
ජනාධිපති මාධ්‍ය අංශය
2023-04-21
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…