පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නඩු තීන්දුව ගැන කාදිනල් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදු කර සිටියා.
විධායක ජනාධිපතිවරයකු සිදු කළ වරදක් සම්බන්ධයෙන් අධිකරණය විසින් නීන්දුවක් ලබා දීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පමණක් නොව යුක්තිය සාධාරණත්වය අගයන මෙරට සියලු ජනතාවට ඓතිහාසික අවස්ථාවක් බව කාදිනල් හිමිපාණන් පවසනවා.
කෙතරම් ඉහළ නිලධාරියකු වුවද නීතියට එරෙහිව අපරාධයක් සිදු කර නීතියෙන් පලා යෑමට නොහැකි බව මෙම නඩු තීන්දුවෙන් පැහැදිලි වන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.
මිනිස්සුන්ගේ බදු මුදලින් අධික වරප්‍රසාද ලබමින් සිටින පිරිසකගේ වගකීම් පැහැර හැරීම නිසා අහිංසක ජනතාව සිය ජීවිතයෙන් වන්දි ගෙවූ බව උන්වහන්සේ පැවසුවා.
සියලු දෙනා විශ්වාස කරන ආකාරයට පාස්කු ඉරිදා මේලේච්ච ඝාතනය පිටුපස ඇති කුමන්ත්‍රණයේ සත්‍ය සොයා යන ගමනේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නඩු තීන්දුව සඳහන් කළ හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
පාස්කු ඉරිදා මේලේච්ච ඝාතන කුමන්ත්‍රණයේ සත්‍ය හෙළි කර එම වරදකරුවන් රට ඉදිරියේ හෙලිදරව් කරන තුරු ඒ වෙනුවෙන් සිදුකරන ව්‍යායාමය කිසිවිටක අත්නොහරින බව කාදිනල් හිමිපාණන් අවධාරණය කර සිටියා.
කදිනල් හිමිපාණන් සිදු කළ ප්‍රකාශයේ සම්පූර්ණ විඩියෝව පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…