Friday, September 11, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ තීන්දුව ගැන කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

පාස්කු ප්‍රහාරයේ තීන්දුව ගැන කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නඩු තීන්දුව ගැන කාදිනල් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදු කර සිටියා.

විධායක ජනාධිපතිවරයකු සිදු කළ වරදක් සම්බන්ධයෙන් අධිකරණය විසින් නීන්දුවක් ලබා දීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පමණක් නොව යුක්තිය සාධාරණත්වය අගයන මෙරට සියලු ජනතාවට ඓතිහාසික අවස්ථාවක් බව කාදිනල් හිමිපාණන් පවසනවා.

කෙතරම් ඉහළ නිලධාරියකු වුවද නීතියට එරෙහිව අපරාධයක් සිදු කර නීතියෙන් පලා යෑමට නොහැකි බව මෙම නඩු තීන්දුවෙන් පැහැදිලි වන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

මිනිස්සුන්ගේ බදු මුදලින් අධික වරප්‍රසාද ලබමින් සිටින පිරිසකගේ වගකීම් පැහැර හැරීම නිසා අහිංසක ජනතාව සිය ජීවිතයෙන් වන්දි ගෙවූ බව උන්වහන්සේ පැවසුවා.

සියලු දෙනා විශ්වාස කරන ආකාරයට පාස්කු ඉරිදා මේලේච්ච ඝාතනය පිටුපස ඇති කුමන්ත්‍රණයේ සත්‍ය සොයා යන ගමනේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නඩු තීන්දුව සඳහන් කළ හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

පාස්කු ඉරිදා මේලේච්ච ඝාතන කුමන්ත්‍රණයේ සත්‍ය හෙළි කර එම වරදකරුවන් රට ඉදිරියේ හෙලිදරව් කරන තුරු ඒ වෙනුවෙන් සිදුකරන ව්‍යායාමය කිසිවිටක අත්නොහරින බව කාදිනල් හිමිපාණන් අවධාරණය කර සිටියා.

කදිනල් හිමිපාණන් සිදු කළ ප්‍රකාශයේ සම්පූර්ණ විඩියෝව පහතින්,

READ:   රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දුෂ්කරතාවයක් - සමෘද්ධිය ප්‍රමාද වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්