විශේෂාංග

ප්‍රභේද හැදෙමින් අවදානම වැඩි වෙද්දී වෛරසය ගැන ජනතා අවධානය අඩු වන තත්ත්වයක්.

වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ ජනතාවට ඉන් බේරීමට පැවති උනන්දුව බැලූ බැල්මට අඩු වී ඇතැයි පෙනෙන්නට තිබේ. තවමත් මුව ආවරණ පැලඳීම අනිවාර්යෙන්ම කළ යුතුම දෙයකි. සෙනඟ වැඩිපුර ගැවසෙන, වාතාශ්‍රය අඩු, පුද්ගලයන් සමීපව කටයුතු කරන ස්ථානවල නිරන්තරයෙන් රැඳී සිටීම කොවිඩ් බෝවීමේ අවදානම වැඩි කරවයි. විවාහ මංගල උත්සව, සෙනඟ ගැවසෙන ආපන ශාලා, සාප්පු සංකීර්ණ ආදී සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට හැකි තරම් නොයා සිටීමට කටයුතු කිරීම මෙන්ම‍ සහභාගී වනවා නම් හැකි තරම් ආරක්ෂිතව කටයුතු කිරීම කළ යුතුය.

ශ්‍රී ලංකාවෙන් පළමුවැනි කොවිඩ් 19 වයිරස් ආසාදිතයා වාර්තා වූයේ 2020 මාර්තු මාසයේදීය. එනම් අද වන විට මේ කොවිඩ් වසංගතය සමඟ ජීවත් වෙන්නට පටන් ගෙන වන විට වසර දෙකක් ගතව තිබේ. වයිරස්වල ස්වභාවය වන්නේ නිරන්තරයෙන් අලුත් වීමයි. සිය පරම්පරාව වෙනස් කරමින් එහි නව ප්‍රභේද ඇති වීමයි. රෝගය බෝවීම වැඩි වන විට නව වයිරස් ප්‍රභේද නිරන්තරයෙන් ඇති වීම ස්වභාවික තත්ත්වයකි. කොවිඩ් වයිරසයේ පළමුවෙන්ම හඳුනා ගත් ප්‍රභේදය වෙනස් වී මේ වන විට විවිධ නව වයිරස් ප්‍රභේද රාශියක්ම බිහි වී තිබේ.

කොවිඩ් වයිරසයේද විකෘති වයිරස් ප්‍රභේද රාශියක් බිහි වූ අතර ඒවා වරින් වර භයානක පරිසර තත්ත්වයන් ඇති කිරීමට ද හේතු විය. ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා ආදී භයානක වයිරස් ප්‍රභේදයන්ට අයත් වන, (VOC) කාණ්ඩයට අයත් ඔමික්‍රෝන් (B.1.1.529) නමින් නම් කර ඇති නවතම වයිරස් ප්‍රභේදය දකුණු අප්‍රිකානු කලාපයෙන් පටන් ගෙන ලෝකය පුරා පැතිරීමේ අවදානමක් හට ගෙන තිබීම කොවිඩ් වසංගතයේ නවතම, භයානක තත්ත්වය වී තිබේ. එය දැනට ලොව පුරා වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිර යෑමේ හැකියාවක් සහිත වයිරස ප්‍රභේදයකි.

පසුගිය නොවැම්බර් 9 වැනිදා ගත් ජෛව සාම්පලයක මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය මුල්වරට දැක ගත හැකි වූ අතර එම වයිරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායලය සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බවට තහවුරු කරගෙන තිබේ. පසුගිය නොවැම්බර් 26 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැඩි අවධානය යොමු කළ යුතු කොවිඩ් වයිරස ප්‍රභේද අඩංගු කාණ්ඩයට ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ඇතුළත් කරනු ලැබීය.

ජර්මනිය සහ චෙක් ජනරජයේද ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වේදැයි මේ වන පරීක්ෂණ කෙරෙමින් පවතියි. ඉතාම ශීඝ්‍රයෙන් පැතිර යෑමේ හැකියාව, වරක් කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ට හිමි වන ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව, මෙම නව විකෘති ප්‍රභේදයේ ලක්ෂණයන් බව හඳුනාගෙන තිබේ.

පසුගිය 4 වැනිදා ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය සහිත වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පළමු වතාවට හඳුනා ගැනීමට හැකි විය. ඔහු දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ පුද්ගලයකු වූ අතර, එයින් කියවන්නේ ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය ආසාදිතයන් මෙරට තවත් සිටිය හැකි බවත් එය බෝවිය හැකි බවත්ය.

Photo: AFP

කොවිඩ් තවමත් අවසන් වී නැති බවත් එය අලුත් වෙමින් භයානක තත්ත්වයකින් පැතිර යෑමේ අවදානම අඩු වී නැති බවත් මේ සියලු කරුණුවලින් ප්‍රකට කරවන්නකි.

කොවිඩි වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත්කරණයේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැඩිව පවසා තිබෙන අතර, එන්නත්කරණයෙන් ඉහළින්ම සිටින රටවල වාර්තා කොවිඩ් මරණවලට සාපේක්ෂව අඩු අගයක් ගනී. සම්පූර්ණ එන්නත්කරණය ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගත වීම් සියයට 84කින් අඩු වන බවට වාර්තා වී තිබේ. අඩු ආදයම්ලාභි රටවලට එන්නත් ලැබීමේ ප්‍රමාදයක් තිබුණු අතර අප්‍රිකානු මහද්වීපයේ එන්නත් ආවරණය අඩු වීම නිසා එය නව වයිරස් ප්‍රභේද ඇති වීමට හේතු වී විය.

කොවිඩ් වයිරසය පැතිරී යෑම නිසා ජනතාවගේ සමාජ ජීවිතයට බරපතළ පීඩනයක් එල්ල වී තිබේ. එය ආර්ථික හා සමාජ සංවර්ධනයට අතිශයින්ම බාධාකාරී විය. එදිනෙදා සිදු වෙන රැකියා අහිමි වීම, සංචාරක අංශයේ රැකියා අවස්ථා සම්පූර්ණයෙන්ම අඩපණ වීම, විදෙස්ගත ශ්‍රමියකයන්ගේ රැකියා අහිමි වීම ආදී විවිධ වූ ආදායම් මාර්ග අහිමි වීම ජන ජීවිතයට එල්ල වූ බරපතළ හානියක් වී තිබේ. 2019 වසරේදී මිලියන 8.181ක් පමණ සේවා නියුක්තිකයන් වූ අතර 2020 වසරේදී සේවා නියුක්ති ජනගහනය මිලියන 7.999ක් තරම් පහළ යෑම සිදු විය. එහිදී 2019 වසරේ 203,087ක් ලෙස වාර්තා වූ විදේශ රැකියා සඳහා පිටත්ව යෑම් කොවිඩ් 19 වසංගතය පැතිරීමත් සමඟ 2020 වසරේ දී 53,713ක් දක්වා අඩු විය. එහි අඩු වීමේ අනුපාතය සියයට 73.6ක් තරම් ඉහළ අගයක් ගන්නා ලදි. එය රටේ ජනතාවගේ පසුම්බියට ඉතා අහිතකර ලෙස බලපෑම් කරන්නට තරම් සමත් විය. සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වීම, නිවසට කොටු වීමට සිදු වීම ආදිය ද කොවිඩ් වයිරස ව්‍යාප්තියේ ප්‍රතිවිපාක ලෙස කිසිසේත්ම නොසලකා හැරිය යුතු කාරණා නොවේ.

කොවිඩ් වයිරස ව්‍යාප්තිය වසර දෙකක් තිස්සේ පවතින බැවින් එහි ඊළඟ හැසිරීම කෙසේ දැයි අවිනිශ්චිත බැවින් ඊට ශක්තිමත්ව මුහුණ දෙමින් ජනජීවිතය හැකි තරම් යථාවත් කර ගැනීමට රාජ්‍ය සමඟ එක්ව ජනතාව ශක්තිමත්ව කටයුතු කළ යුතුය.

කොවිඩ් වයිරසය මැඬලීමේ උපදේශනය, සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වා ගෙන යෑම, ජනතාවට ආර්ථිකමය වශයෙන් ශක්තිය සැපයීම එක් පැත්තකින් සිදු කරන විට ජනතාව ඊට සහාය දෙමින් කොවිඩ් වයිරසය පාලනය කෙරෙන අයුරින් හැසිරීමට වගබලා ගත යුතු මොහොත තවමත් අවසන් වී නොමැත.

දෙසැම්බර් 8 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් පළමුවැනි මාත්‍රාව ගත් පිරිස 15, 949, 941ක්ද දෙවැනි මාත්‍රාව ගත් පිරිස 13, 774, 140ක් ද, තෙවැනි මාත්‍රාව ගත් පිරිස 1, 081, 303ක් තරම් විය. ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පිරිස පුද්ගලයන්ගේ වයස 16න් ඉහළ ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 85ක් වැනි ඉහළ අගයකි. රටක් වශයෙන් එන්නත්කරණයෙන් ඉහළ මට්ටමේ සිටියත් එන්නත්කරණය කොවිඩ් වයිරසයට පාලනය කිරීම සඳහා ඇති එකම විසඳුම නොවන බව තරයේ සිහි තබා ගත යුත්තකි.

වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ ජනතාවට ඉන් බේරීමට පැවති උනන්දුව බැලූ බැල්මට අඩු වී ඇතැයි පෙනෙන්නට තිබේ. තවමත් මුව ආවරණ පැලඳීම අනිවාර්යෙන්ම කළ යුතුම දෙයකි. සෙනඟ වැඩිපුර ගැවසෙන, වාතාශ්‍රය අඩු, පුද්ගලයන් සමීපව කටයුතු කරන ස්ථානවල නිරන්තරයෙන් රැඳී සිටීම කොවිඩ් බෝවීමේ අවදානම වැඩි කරවයි. විවාහ මංගල උත්සව, සෙනඟ ගැවසෙන ආපන ශාලා, සාප්පු සංකීර්ණ ආදී සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට හැකි තරම් නොයා සිටීමට කටයුතු කිරීම මෙන්ම‍ සහභාගි වනවා නම් හැකි තරම් ආරක්ෂිතව කටයුතු කිරීම කළ යුතුය. ඔමික්‍රෝන් දරුණු වයිරස් කාණ්ඩය සෙනඟ ගැවසෙන ස්ථානවලින් පහසුවෙන් ශරීර වෙත සම්ප්‍රේෂණය විය හැකි බව සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කර තිබේ.

ඉදිරියේදී එළැඹෙන්නේ උත්සව සමය බැවින් ප්‍රිය සාද පැවැත්වීම, විනෝද චාරිකා යෑම වැනි කටයුතු කිරීමට පෙර වරක් දෙවරක් නොව තෙවරක් ඒ පිළිබඳව සිතා බැලිය යුතුය.

වැඩිහිටියන් අනාරක්ෂිතව ගමන් බිමන්වල යෑමෙන් නිවසේ රැඳී සිටින කුඩා දරුවන් හා වැඩිහිටියන් කොවිඩි අවදානමට ලක් වන බව තරයේ සිහියේ තබා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදනය වූ ජනගහනය 56,6628කි. වයිරසය ආසාදනය වී සුව වූ පිරිස 543, 467ක් වන අතර, වයිරස ආසාදනය වීම නිසා මිය ගිය පිරිස 14, 553කි. කොවිඩ් වයිරසය නිසා මෙසේ අහිමි වූ ජීවිත සියලු දෙනා මේ රටේ ජනතාවයි. ඔවුන්ගේ කාගේ හෝ ඥාතියකු, මිතුරකු, අසල්වාසියකු වේ. ඔවුන් මේ රටේ ආදායම් උපයන සේවා නියුක්තිකයෝ විය හැකිය. මිනිස් ජීවිතයක් යනු රටක ඇති වටිනාම සම්පතයි. එම වටිනා සම්පත අකාලයේ මිය යෑම, පවුලටත් සමාජයටත් විශාල පාඩුවකි. ඛේදයකි. එම නිසා කොවිඩ් වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් දී ඇති මාර්ගෝපදේශ කොවිඩ් වසංගතය අවසන් වන තුරු අනිවාර්යෙන්ම පිළිපැදීම අකමැත්තෙන් හෝ කළ යුතුව ඇත. එය මේ වන විට ජීවන පුරුද්දක් කර ගත යුතුව ඇත.

සියලු රටවල් එක්ව සිට ගනිමින් එන්නත් හා අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදා ගනිමින් වසංගතයට මුහුණු දෙමින් එය මැඬ පැවැත්වීමට තනි ලෝකයක් ලෙස කටයුතු කළේත්, මේ වන විට කටයුතු කරමින් සිටින්නේත් මේ සා භයානක වයිරසයකින් තනිව බේරි සිටිය නොහැකි නිසාවෙනි. සියලු දෙනා ආරක්ෂා වන තුරු සියලු දෙනා අනාරක්ෂිත වන හෙයින් කොවිඩ් වයිරසය මැඬ පැවැත්වීම සියලුම දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව තරයේ සිහි තබා ගත යුතු කරුණකි.

ලිපිය උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago