file
දැනට ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මීගමුව දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පෙරේදා (15) ඒ මහතා මේ බව කීවේය.
එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් රැඳවියන් සමඟ සාකච්ඡාවක ද නිරත වූ අතර බන්ධනාගාර තුළ ඇති වන හදිසි තත්ත්වයන් පාලනය කිරීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට ද පියවර ගැනිණි. ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලටත් ගොස් නිරීක්ෂණය කර ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම කීවේය.
මෙරට බන්ධනාගාර 33හිම සිටින රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළ බවත් එහිදී කමිටුවක් ස්ථාපිත කිරීම ගැන සාකච්ඡා කළ බවත් හෙතෙම කීවේය.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ගිනි නිවන හමුදාවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, STF, නියෝජ්‍ය පොලිස්පති, බන්ධනාගාර අධිකාරිගේ මැදිහත්වීම සහිතව හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක විය හැකි කමිටුවක් අද සකස් කරන බවත් ඒ මහතා කීවේය.
මීගමුව සමූහ – අකිලා නදීෂානි
මීගමුව විශේෂ ඩී. මිහිඳුකුල
උපුටා ගැනීම: දිනමිණ
මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…