Monday, August 17, 2026
Homeදේශීයප්‍රමාද වූ රස පරී­ක්ෂක වාර්තා 9,000ක් මේ මාසයේ අධි­ක­ර­ණ­යට - ඇමැති ආනන්ද...

ප්‍රමාද වූ රස පරී­ක්ෂක වාර්තා 9,000ක් මේ මාසයේ අධි­ක­ර­ණ­යට – ඇමැති ආනන්ද විජේ­පාල

දැනට ප්‍රමාද වී ඇති රස පරී­ක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අව­සන් කර අධි­ක­රණ වෙත ලබා­දී­මට අවශ්‍ය සියලු කට­යුතු සම්පා­ද­නය කර ඇති බව මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පැව­සීය.

මීග­මුව දළු­පොත, පල්ල­න්සේන බන්ධ­නා­ගා­රයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වෙ­මින් පෙරේදා (15) ඒ මහතා මේ බව කීවේය.

එහිදී පව­තින ගැටලු සම්බ­න්ධ­යෙන් රැඳ­වි­යන් සමඟ සාක­ච්ඡා­වක ද නිරත වූ අතර බන්ධ­නා­ගාර තුළ ඇති වන හදිසි තත්ත්ව­යන් පාල­නය කිරී­මට විශේෂ කමි­ටු­වක් පිහි­ටු­වී­මට ද පිය­වර ගැනිණි. ඉදි­රි­යේදී දිව­යිනේ අනෙ­කුත් බන්ධ­නා­ගා­ර­ව­ල­ටත් ගොස් නිරී­ක්ෂ­ණය කර ගැටලු පිළි­බඳ සාකච්ඡා කිරී­මට සැල­සුම් කර ඇති බව ද හෙතෙම කීවේය.

මෙරට බන්ධ­නා­ගාර 33හිම සිටින රැඳ­වි­යන්ගේ ජීවිත ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරීම ගැන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සාකච්ඡා කළ බවත් එහිදී කමි­ටු­වක් ස්ථාපිත කිරීම ගැන සාකච්ඡා කළ බවත් හෙතෙම කීවේය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේ­ශීය ලේකම්, ගිනි නිවන හමු­දාවේ නිල­ධා­රීන්, ත්‍රිවිධ හමු­දාව, STF, නියෝජ්‍ය පොලි­ස්පති, බන්ධ­නා­ගාර අධි­කා­රිගේ මැදි­හ­ත්වීම සහි­තව හදිසි අව­ස්ථා­ව­ලදී ක්‍රියා­ත්මක විය හැකි කමි­ටු­වක් අද සකස් කරන බවත් ඒ මහතා කීවේය.

මීග­මුව සමූහ – අකිලා නදී­ෂානි

මීග­මුව විශේෂ ඩී. මිහි­ඳු­කුල

උපුටා ගැනීම: දිනමිණ

READ:   ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්