Categories: දේශීය

නවතම TVS RONIN යතුරුපැදිය ශ්‍රී ලංකාවේදී එළිදක්වයි

රී ලංකාවේ යතුරුපැදි ධාවකයන්ට නව අත්දැකීමක් එක් කරමින් නවතම TVS Ronin යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදීම අති උත්කර්ෂවත් අයුරින් පසුගිය (09) වනදා
සිදු කෙරුණා.

ඒ උණවටුන Araliya Beach Resort හෝටල් පරිශ්‍රයේදීයි.

මේ සඳහා TVS ඉන්දියා සමාගමේ නියෝජිතයන්, TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වය, සමාජ මාධ්‍ය නිර්මාණශිල්පීන්, මූල්‍ය ආයතන නියෝජිතයන්, යතුරුපැදි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ යතුරුපැදි ලෝලීන් රැසක්ද එක්ව සිටියා.

Modern-retro ශෛලියෙන් නිර්මාණය කර ඇති මෙම යතුරුපැදිය 225.9cc එන්ජිමකින් සමන්විත වන අතර නවීන තාක්ෂණික පහසුකම් රැසක්ද මෙහි අන්තර්ගත වේ.

මෙම TVS RONIN යතුරුපැදිය Dual-channel ABS, LED lighting system, digital instrument cluster සහ SmartXonnect connectivity වැනි විශේෂාංගවලින්ද සමන්විතයි.

මෙම යතුරුපැදිය ශ්‍රී ලංකා වෙළඳපොළේ රුපියල් 1,499,000කට අලෙවි වනවා.

නමුත් පළමුව RONIN BIKES මිලදී ගන්නා පාරිභෝගිකයන් 100දෙනාට රුපියල් 1,399,000ක වැනි සුවිශේෂී මුදලකට ලබාගත හැකි බවයි TVS RONIN යතුරුපැදිය එළිදැක්වීමේ උළෙලේදී TVS කළමනාකාරීත්වය සඳහන් කළේ.

Recent Posts

රාහුල කොළඹ ආදි සිසු සංගීත සැදෑව 28 දා..

මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…

1 day ago

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

1 week ago

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…

1 week ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

1 week ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

2 weeks ago