FILE
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය දිවි සැරිය නිම කරන විට 81 වන වියෙහි පසුවුණා.
ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට ලක් වූ විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගෙන් එක් අයෙකු වන ඉක්බල් අතාස් මහතා ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස ද දිගු කාලයක් කටයුතු කළා.
ජාතික ආරක්ෂාව,රාජ්‍ය පාලනය,දේශපාලන බලය සහ සමාජයට බලපාන සංවේදී කරුණු ඔහුගේ ලේඛන වල ප්‍රධාන මාතෘකා වුණා.
බොහෝ දෙනා කතා කිරීමට භය වූ විෂයයන් ගැන සාක්ෂි, තොරතුරු සහ විශ්ලේෂණ මත නිර්භීතව කතා කිරීම ඉක්බාල් අතාස් මහතාගේ ප්‍රධාන ලක්ෂණයක් වුණා.
“සත්‍යය වෙනුවෙන් කිසිදු භයක් නැතිව කතා කළ මාධ්‍යවේදියෙක්”ලෙසයි බොහෝ දෙනා ඔහුව හැදින් වුයේ.
ඒ මහතාගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
An internationally renowned Sri Lankan journalist, Iqbal Athas, has passed away early this morning. He was 81. The funeral will be held this afternoon at the Grand Mosque cemetery, Dehiwala. Remains will lie at No. 11 C /1 Siriwardena Road, Hill Street, Dehiwala from 9.00am.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…