දේශීය

මන්ත්‍රී කවින්දගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුව තිබෙනවා. ඒ කොළඹ ඉන්දීය නිවහනේදී. (indian house )

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විශාල හානිය පිළිබඳවත්, එම අවස්ථාවේදී ඉන්දීය රජයත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය ජනතාවත්, ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තුතිය පුද කිරීමට මන්ත්‍රීවරයා එහිදී කටයුතු කර තිබූ බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

විශේෂයෙන්ම ආපදාවට ලක් වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට ලබාදුන් සහය සහ පසු ආපදා තත්ත්වයේදී අත්‍යවශ්‍ය සේවා, ආහාර, ඖෂධ පරිත්‍යාග කිරීමත්, මේ මෙහොතේත් සිදු කරමින් යන මහා මාර්ග පිළිසකර කිරීම් හා තාවකාලික පාලම් ඉදිකිරීමේ කටයුතු හරහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ලබාදෙන දායකත්වය පිළිබඳවත් කාවින්ද ජයවර්ධන මහතා ඇගයීමට ලක් කර තිබෙනවා.

තවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් ලංකාවට පිරිනැමූ ඩොලර් මිලියන 450ක් මුල්‍ය පහසුකම් පිළිබඳවත් කෘතවේදීත්වය ඵල කළ මන්ත්‍රීවරයා, නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට සඳහා විශේෂ ලිපියක්ද මෙරට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත භාරදී තිබෙනවා.

අසල්වැසියා පළමුව යන සංකල්පය අනුව ඉන්දියාව ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට උපකාර කිරීමට බලාපෙරොත්තු වන බව මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා තිබුණා.

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago