දේශීය

ආරූඪයෙන් දෝෂ ඉවත්කරන බව පවසා රට වටේ ගෙවල් සුද්ද කළ හොර කපුවෙකු අත්අඩංගුවට

හොරණ ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයකු එම නිවසේ තිබූ රත්තරන් භාණ්ඩ සහ මුදල් ඔවුන් රවටා පැහැරගෙන ගොස් ඇති බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී මෙසේ දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් මෙවැනි වංචා සහගත සිදුවීම් සිදුකළ කපුවකු වශයෙන් පෙනී සිටි 53 පැවිදි පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දින අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කල කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ මෙම පුද්ගලයා නිවාස වලට පැමිණ එම නිවාස වල භූත දෝෂ සහ වෙනත් දෝෂ පවතින බවට නිවැසියන්ට පවසා වහාම ශාන්ති කර්මයක් සිදුකළ යුතු බවට ඔවුන්ට පවසයි, ඉන්පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නිවසට අරක් ගෙන සිටින මියගිය ඥාතියෙකු මෙම නිවසට නොබෝ කාලයකින් නිවසේ ඉඩමෙන් නිධානයක් මතුකර දෙන බවට ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

එම ශාන්ති කර්මය සඳහා එම පුද්ගලයා එම නිවසේ කාමරයක් තෝරා ගෙන එහි සාදාගත් විශේෂ කුටියක පුදපූජා පවත්වමින් දින දෙක තුනක් එම නිවසේ රැඳී සිටි.

ඉන්පසුව ඔහු පිළිබඳව විශ්වාසයක් නිවාස හිමියන්ට ලැබුණු පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිවස සතු සියලුම රත්තරන් භාණ්ඩ සහ මුදල් මෙම විශේෂ කුටියට දමන ලෙසයි.

මුදල් සහ රත්රන් භාණ්ඩ එම කුටියට දැමීමෙන් පසුව ඔහු එම කුටිය පරීක්ෂා නොකරන ලෙසට නිවෙස් හිමියන්ට ප්‍රකාශ කර ඇත.ඉන්පසු එම නිවසට වාර කිහිපයකදී පැමිණෙන මෙම පුද්ගලයා එම කුටියට දමන ලද මුදල් සහ රත්තරන් භාණ්ඩ සොරකම් කොට ඇත.මාස තුනක් ගතවීමට ආසන්න වීමේදී මෙම කපුවා විසින් එම කුටියට ව්‍යාජ ලෙස සැකසූ නොවටිනා පිත්තල භාණ්ඩ සහ තවත් උපකරණ ඉතා ශූක්ෂම ලෙස එම කුටියට දමා නිවැසියන්ට පවසා ඇත්තේ මේ නිධානයෙන් ලැබුණු වටිනා උපකරණ බවයි.

හොරණ හල්තොට ප්‍රදේශයේ පදිංචි එක්තරා පවුලකට මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම නිවැසියන්ට සැකසිතී තමන්ගේ මුදල් අස්ථානගත වී ඇති බවට අනාවරණය වූ බැවින්, ඔවුන් මේ පිළිබඳ කළුතර අපරාධ කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත් කොට ඇත.

ඉන්පසුව මෙම පුද්ගලයාගේ හැඩරුව සහ වෙනත් පොලිසි බල ප්‍රදේශවලින් මොහුට ලද චෝදනා මත සැකකරු හඳුනාගෙන ඔහු පදිංචි ගාල්ල බද්දේකම් ප්‍රදේශයේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු මීට පෙරද මහරගම සහ ගාල්ල ප්‍රදේශයේ නිවාස දෙකකටද මෙවැනි වංචා සහගත සිදුවීම් සිදුකොට රුපියල් ලක්ෂ අසූවකට ආසන්න රත්තරන් භාණ්ඩ සහ විශාල මුදල් ප්‍රමාණයක් වංචා කොට ඇති බවයි.ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙසේ සොරකම් කරන ලද ලක්ෂ අසූවකට ආසන්න වටිනා රත්තරන් භාන්ඩ දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලට අලෙවි කොට මුදල් ලබාගත් බවයි.

එම මුදල් වලින් ඔහු ඔවුන්ගේ නිවසට සහ ඥාතීන්ගේ නිවෙස් වලට අවශ්‍ය ගෘහභාණ්ඩ විදුලි උපකරණ සහ නවීන යතුරු පැදියක් ත්‍රීවිල් රථයක්ද මිලදීගෙන සුඛෝපභෝගී පුද්ගලයෙකු ලෙස ජීවත්ව ඇති බවයි.මොහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මොහු මෙසේ මුදල් වංචා කොට වියදම් කර ලබාගත් ගෘහ භාණ්ඩ ශීතකරණ දෙකක් රෙදි ශෝධන යන්ත්‍ර දෙකක් ත්‍රීවිල් රථයක් අලුත්ම යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මීට අමතරව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම වංචාව සිදුකිරීම සඳහා භාවිතා කරන ඉතා පෞරාණික වටිනාකමක් ඇතැයි හැඟවෙන පිත්තල උපකරණ රැසක්ද පොලිස් භාරයට ගන්නා ලදී.එමෙන්ම මොහු විසින් සොරකම් කොට විවිධ ප්‍රදේශවලට අලෙවිකල ලක්ෂ අසූවකට ආසන්න උණු කළ රත්තරන් ප්‍රමාණයක්ද ඔහු මෙම වංචාව සිදු කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කොට ඇත.

සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Sampath kularathne
Kaluthara

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

2 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

2 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 weeks ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 weeks ago