දේශීය

රටෙ බොහොමයක් ප්‍රදේශයන්ට ගං වතුර ගලනකොට , ගම වටකර වැව් තිබුණත් බීමට ජලය නැතීව පිඩාවට පත් තවත් ගම්මානයක්

ගලෙන්බිදුණුවැව අංක 157 හිඹුටුගොල්ලෑව ග්‍රාම සේවා වසමේ කුඩා කැලෑගම ගම්මානයේ පවුල් 200 කට අධික සංඛ්‍යාවක් අදටත් බීමට ජලය ගන්නේ කුඩා කැලෑගම මහවැව හෝ ගම්මානයේ විහාරස්ථානයේ පවතින ළිඳකින් බව ගම්වාසීන් පවසති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ගම්මානයක් වන වන කුඩා කැලෑගම මිනිස්සුන්ට යාමට ඒමට හරිහමන් මාර්ගයක් නොමැති කම හා ගම්මානය වට ඇති වන ලැහැබවල් වල නිරන්තරයෙන් වාසය කරන වන අලී මේ ජනතාවගේ ජන ජීවත් වලට දැඩි තර්ජනයක් එල්ල කොට ඇති බවත් ගොවීතැනක් නැතිනම් කොහේ කාගේ හෝ කුලී රැකියාව කර නිවසට පැමිණෙන විට නිවාස වල බීමට සුදුසු ජලය නොමැති කම එහි ගිය අපට දැනගන්නට ලැබුණී.

ගම වට කරගෙන වැව් තිබුණද එහි ජලය බීමට සුදුසු තත්ත්වයක් නොමැතී බව කුඩා කැලෑගම ජනයා පෙන්වා දෙන අතර බීමට සුදුසු ජලබිදක් ගන්නට ගම්මානයේ කිසියම් තැනක නොමැති බවත් පිරිසිදු පාණිය ජලය බිදක් ලබා ගන්නටනම් කිලෝ මීටර් ⁣ගණනාවක් දුරක් ගෙවාගෙන යාමට සිදුව ඇති බවත් ඉඳහිට ගම්මානෙට පැමිණෙන පානීය ජල රැගෙන එන ලොරි රථවලින් මුදලට ජලය මිලදීගෙන පානය කරන බවත් කුඩා කැලෑගම ජනතාව පෙන්වා දෙති.

කුඩා කැලෑගම ගම්මානයේ පවුල් දෙසීයකට අධික සංඛ්‍යාවක් කිලෝ මිටර් ගනනාවක දුරක් නොයෙකුත් බාදක හමුවේ ගලෙන්බිදුණුවැව නගරයට හෝ ජලය පවතින ගම්මානවල පවත්නා ජල පවිත්‍රාගාරයට ජල ලීටරයක් සදහා රුපියල් 4-5 අතර මුදලක් ගෙවීමට සිදුවීම කුලි රස්සාව කරන මේ ජනතාවට දරාගත නොහැකීවී ඇතැයි ජනතාව පවසන්නේය.

අතිතයේ සිට මේ දක්වා ගම්මානයේ ඇතැම් ජනයා වගා ළිං ඇසුරෙන් වගා කලද එම වගා ළිං වලද ජලය බීමට සුදුසු නොමැතිකම මත මේ වන විට වකුගඩු රොගයෙන් පෙලෙන පිරිස වැඩිවී ඇති බවත් අද වන විට මව්වරු පියවරු බොහොමයක් මියදී ඇත්තේ වකුගඩු රකුසාගේ බිල්ලට ගොදුරුවීමෙන් බවත් ගම්මු අප සමගා පවස සිටියේ කණගාටුවෙනී.

දහවලට ප්‍රිය කරන මේ ගම්මානයේ ජනයා කරුවලට බියවන්නේ නිරතුරුවම ගම්මානයේ ගැවෙසෙන වන අලි හේතුවෙන්. මෙම ජනයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සවස් ජාමය වෙන විට තම නිවාස තුළටම වී සිටීමට සිදුව ඇති බවයි.

කුඩා කැලෑගම විහාරස්ථානයේ මීට වසර කිහිපයකට පෙර දානපතියෙකුගේ පුද්ගලික පරිත්‍යාගයෙන් ජල පිරිපහදු යන්ත්‍රයක් සවිකර තිබුණද අද වන විට එය අක්‍රිය තත්ත්වයේ පැවතීමද, වනාලි ගැටලුව, ප්‍රවාහන අපහසුතාවය, ආර්ථික අර්බුදය, ජීවන අරගලය, ගැටලු මැද ජීවත්වන කුඩා කැලෑගම මෙම ජනතාවට පීඩාවෙන් බැට කන මොවුන් කබලින් ලිපට වැටුනා බදු වී ඇත.

තට්ටු මාරු ක්‍රමවේදය මත පැමිණි දේශපාලනය අධිකාරියට මෙන්ම රජයේ වගකිවයුතු නිලධාරින්ට අනේක වාරයක් තම ගැටලුව පිළිබඳ දැනුවත් කළද මේ දක්වා නිසි නිසදුමක් නොලද මේ ජනතාව පෙන්වා දෙන්නේ තම ගම්මානයට ඇති ප්‍රධානතම ගැටලුව වන බීමට සුදුසු ජල බිඳක් ලබා දෙන ලෙසයි. එසේ පිරිසුදු පානීය ජල ලබා දෙන්නේ නම් කුඩා කැලෑගම පමනක් නොව එමඟින් අවට මහ කැලෑගම හිමුටුගොල්ලෑව යන ගම්මාන වල පවුල් දහසකට වැඩි ප්‍රමාණයක් පිපාසය නිවා ගන්නට හැකි බවයි.

බොහෝ දුෂ්කරතා මැද ජීවත් වෙන මොවුන් වගකිවයුතු ආයතන සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිට පවතින ගැටළුවක් වන බීමට සුදුසු ජල බිඳක් ලබා දී ගැටලු ගණනාවකට මුහුණ දී සිටින මොවුන් ඉන් නිදහස් කර දෙන ලෙසයි.

:ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය 07115165113 – 0779853100

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

1 day ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago