Monday, September 28, 2026
Homeදේශීයපොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද මූල්‍ය වංචා රැසක තොරතුරු අනාවරණය වී ඇති බැවින් සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශව වෙත ලබාදීමෙ දී කල්පනාකාරී වන ලෙස පොලිසිය දැනුම්දෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කළා.

ජාතික හැඳුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය , රියදුරු බලපත්‍ර අංකය වැනි දෑ වල ඡායාපිටපත්, තමන් පදිංචි ලිපිනය , පවුල් තොරතුරු සහ බැංකු ගිණුම් අංක ආදිය කිසිඳු හේතුවක් නිසා නොදන්නා පාර්ශවයන් වෙත ලබා නොදෙන ලෙසයි ඒ මහතා පැවසුවේ.

එමෙන්ම ආකර්ෂණික යෝජනා සහිතව සමාජ මාධ්‍ය ජාලා හරහා පැමිණෙන ඉල්ලීම් වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   කොළඹට පැය 10ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්