දේශීය

එළවළු මිල පහළට

වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබෙනවා.

කැකිරි, පිපිඤ්ඤා රාබු කිලෝවක් තොග මිල රු 20ත් 25ත් අතර බෝංචි, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, හා බෝල බටු කිලෝවක් රු. 50ත් 55ත් අතර මිළකට අලෙවි වනු දක්නට ලැබෙනවා.

පසුගිය දා (04) පැවැති මිළ ගණන් අනුව උඩරට එළවලු වර්ග විශේෂයෙන් කැරට් රු. 300ක් ලීක්ස් රු. 140 වැනි මිල ගණන් දක්නට ලැබුණා.

පසුගිය දින කිපයේදී ගෝවා සදහා ඉහළ මිලත් නියම වී තිබුණද මේවන විට ගෝවා තොග මිලද රු.80ක් දක්වා අඩුවී තිබෙනවා.

වෙනත් වසරවලට සාපෙක්ෂව වට්ටක්කා සදහා ඉහළ මිලක් නියම වී තිබේ. මැලේෂීයන් වට්ටක්කා කිලෝවකට 140ක් වැනි මිලකට අලෙවි වනු දක්නට ලැබෙන අතර වම්බටු හා කරවිල රු. 100ක මිලක් තීරණය වි තිබු අතර දඹල කිලෝවක් රු. 200 වැනි මුදලකට අලෙවි වනු දක්නට ලැබෙනවා.

එළවලු තොග විශාල වශයෙන් ලැබීමත් සමග එලවලු මිල ගණන් පහත ගෙස් ඇති බව වාර්තා වෙනවා.

:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය – මාතලේ)

Recent Posts

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

12 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

17 hours ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

17 hours ago

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

4 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

4 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago